දූෂිත චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එහිටපු රාජ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, අදාල නඩුව (09) කැඳවූ අවස්ථාවේදී, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කර ඇති අතර, ඔහුගේ වීදේශ ගමන්ද තහනම් කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වැඩි දුරටත් සඳහන්වෙයි.
