NextWatch

කැසිනෝ ඇතුළු වීමේ ගාස්තු  ඉහළට

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම පිණිස ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත සංශෝධනය කිරීමට රජය සූදානම් වේ.

මේ අනුව 2025 අයවැය යෝජනා මගින් යෝජනා කර ඇත්තේ, දළ එකතුව මත බද්ධ 15% සිට 18% දක්වා ඉහල නැංවීමටත්, ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුල්වීමේ බද්ධ ඇමරිකානු ඩොලර් 50 සිට 100 දක්වා ඉහළ නැංවීමටත්ය.

ඒ අනුව, එම යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදූ බදු පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර තිබේ.

එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයසිංහ පැවසීය.

අදාළ පනත් කෙටුම්පත රජය ගැසට් පත්‍රයේ පළකිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Exit mobile version