වසර 25කට පසු වතු කම්කරුවන්ට හිඟ පාරිතෝෂික මුදල් හිමි වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ මැදිහත්වීම මත මෙම හිග මුදල් ගෙවීමේ ජාතික වැඩසටහන ඊයේ (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා.
මෙම උත්සවය වැවිලි සහ ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ප්‍රජා වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් ඇතුළු පිරිසක්ද සහභාගී වී තිබුණා.
එහිදී ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු තේ වතුවල සේවය කළ කම්කරුවන් වෙත හිග මුදල් ප්‍රදානය කෙරුණා.
පළමු අදියර යටතේ ඊයේ දිනයේදී කම්කරු ප්‍රතිලාභීන් 303ක් සදහා මූල්‍ය චෙක්පත් ප්‍රදානය කෙරුණා.
2026 සහ 2027 වර්ෂ සදහා මේ වෙනුවෙන් රුපියල් බිලියන 11ක් පමණ වෙන්කර ඇතැයි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහිදී සඳහන් කළා.
