සමාජ මාධ්‍ය හරහා සිදුවන බලපෑම්, පුද්ගල පෞද්ගලිකත්වය මෙන්ම ආගමික හා ජාතික සහජීවනය ආරක්ෂා කිරීම සඳහා නව නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ආගමික නායකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද අවශ්‍යතාව පෙන්වා දී ඇති බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන අවස්ථා තිබෙන බැවින්, එම හිඩැස් පිරවීම සඳහා නීති යාවත්කාලීන කිරීම අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නා.
මේ අතර, මාර්ගගත ආරක්ෂාව සම්බන්ධයෙන් යෝජිත නව පනත් කෙටුම්පතේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත්, ඉදිරි මාස කිහිපය තුළ එම කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.
