NextWatch

යළි පිබිදෙන ශ්‍රී ලංකා රග්බි පාපන්දුව

ශ්‍රී ලංකා ජාතික පිරිමි රග්බි සත් සාමාජික කණ්ඩායම ඉතිහාස පොත් අලුත් කරමින් ආසියානු සත් සාමාජික තරගාවලියේ පළමු අර්ධයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ සමත් විය.

චීනයේ හැංග්ෂූ හිදී සැප්තැම්බර් 20-21 දෙදින තුළ පැවැත්වෙන එමිරේට්ස් ආසියානු සත් සාමාජික තරගාවලියේ පළමු අර්ධයේ මූලික වටයේ පළමු තරගයේදි ජපානය හමුවේ ලකුණු 38 – 7 ලෙස පරාජයට පත්වුවද තායිලන්තයට එරෙහිව 24-07 ක් සහ සිංගප්පූරුවට එරෙහිව 34-07ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

හොංකොං චීන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (21) පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ආරම්භයේදි ආසියානු කලාපයේ 12වැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නායක කවිඳු පෙරේරා, ජනිදු ඩිල්ෂාන්, ඩිනාල් ඒකනායක ඇතුළු ප්‍රවීණයන්ගේ සහ කුළුදුල් ජාතික නියෝජනය ලද ක්‍රීඩකයින් අටදෙනෙකුගෙන්ම සමන්විත වූ සංචිතයකින් යුක්තය. පුහුණුකරුවන් වන ෂම්ලි නවාස් සහ රජීව් පෙරේරාගෙන් ලැබෙන මඟ පෙන්වීම සහ ක්‍රීඩකයින්ගේ අප්‍රභිත ධෛර්ය සහ කැපවීම මෙම ජයග්‍රහණයේ රහසයි.

තරගාවලියේ දෙවැනි සහ අවසන් අර්ධය ඔක්තෝබර් 18 සහ 19 දෙදින කොළඹ තුරග තරග පිටියේදි පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ සජීවි දර්ශණ Asia rugby ෆේස්බුක් පිටුවෙන් සහ යූටියුබ් චැනලය හරහා නැරඹිය හැකිය.

Exit mobile version