NextWatch

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට රිදී පදක්කම

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ කුසලාන උදෙසා පැවැති අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකිනෙකා තරග වැදුණි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන්ගේ ආරම්භක පිතිකාරිනියන් ප්‍රමුඛ ඉදිරි පෙළ දැක්වූ දක්ෂතාව හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 216 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට ඔවුන්ට හැකි විය.

ලකුණු 217 ක ප්‍රබල ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉන්දීය පන්දු යැවීම හමුවේ සාර්ථක වීමට ඉඩක් නොලැබුණි. ඉන්දීය පන්දු යවන්නියන්ගේ ප්‍රහාරාත්මක පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 15 යි පන්දු 4 කදී ලකුණු 69 කට සීමා විය.

ඒ අනුව ලකුණු 147 ක පූර්ණ තරග ජයක් වාර්තා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමට හිමිකම් කී අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රිදී පදක්කම තමන් සතු කරගත්තේය.

Exit mobile version