අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ “මාරියා” චිත්‍රපටය flickoo වෙබ් අඩවියෙන් දැන් නැරඹිය හැකිය. ඒ සඳහා https://flickoo.com/c/29/maariya-2025-2025 සබැඳිය හරහා flickoo වෙබ් අඩවියට පිවිසෙන්න.
මාරියා චිත්‍රපටය අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂනයක් වන අතර ඉන්ද්‍රජිත් සිල්වා මෙය නිෂ්පාදනය කරනු ලැබීය.
මාරියා චිත්‍රපටය දිනාගත් අන්තර්ජාතික සම්මාන පහත පරිදි පෙළගැස්විය හැකියි.
*වියට්නාමයේ හැනෝයි නුවරදී පැවති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය මෙම චිත්‍රපටයේ රඟපෑ නළුවන් හත් දෙනාටම හිමිවුනා. හොඳම නළුවා සම්මානය එකවර හත් දෙනෙකු දිනාගත් ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
*ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවැති 15 වන ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී ග්‍රීන් රෝස් සම්මානය දිනාගන්නට සමත්විය.
*එමෙන්ම රුසියාවේ පැවැති “සල්ටා ඉයුරේෂියන් බ්‍රිජ් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානයටද පාත්‍ර විණි.
*54 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරි අංශය සඳහා ද නිර්දේශ වූ “මාරියා” , රුසියාවේ පැවැති මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට ද සමත් විණි.
මාරියා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම
මුහුද මැද රූපගත කර තිබීම සුවිශේෂී වන අතරම රංගන ශිල්පීන් පමණක් රංගනයෙන් එක් වීමත් තවත් සුවිශේෂී කරුණක් වේ.
හේමාල් රණසිංහ , මහේන්ද්‍ර පෙරේරා , අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ් , ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ හා සුරන් දසනායක මේ සදහා රංගනයෙන් දායක වනවා. එමෙන්ම මෙම රංගන ශිල්පීන් හත් දෙනා විසින් මෙහි ගීතයක් ගායනා කිරීමද විශේෂත්වයකි.
බිමල් ජයකොඩි විසින් මාරියා චිත්‍රපටයේ ප්‍රධාන තේමා ගීතය ගායනා කරනු ලබයි.
