හිටපු නාවික හමුදාවේ අණදෙන නිලධාරි අද්මිරාල් ( විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන අය අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පුද්ගලයෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මේ අතර, විදේශගතව සිට පාතාල චරිතයක් ලෙස පෙනී සිටිමින්, හිටපු පුද්ගල මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ SDIG ලලිත් පතිනායක යන අයට තර්ජනය කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් හෙළි කරන ලද තොරතුරු මත පදනම්ව, හිටපු SDIG ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගන්නා ලදී.
විමර්ශන වලට අනුව, අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව ඊයේ සැකකරු අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා පාතාල සාමාජිකයෙකු ලෙස පෙනී සිටමින් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගේ ඉල්ලීම පරිදි හිටපු අමාත්‍යය අලස් සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායකට තර්ජනය කර ඇති බවයි.
මෙම හෙළිදරව්ව මත පදනම්ව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගත් අතර, ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ පවත්වයි.
