NextWatch

අස්වැසුම අගෝස්තු දීමනාව අද බැංකුවලට

2025 අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව, අද, (15) දිනයේදී අදාළ බැංකු ගිණුම වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල් ක්‍රම සම්පාදනය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට අද සිට තමන්ට හිමි මුදල, තම බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 11,275,973, 750. 00 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,421,745 කගේ ගිණුම් වලට බැර කිරීමට නියමිත බවද මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version