2025 අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව, අද, (15) දිනයේදී අදාළ බැංකු ගිණුම වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල් ක්‍රම සම්පාදනය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට අද සිට තමන්ට හිමි මුදල, තම බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව රුපියල් 11,275,973, 750. 00 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,421,745 කගේ ගිණුම් වලට බැර කිරීමට නියමිත බවද මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


