කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මාධ්‍යයට කරන ලද ප්‍රකාශය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය මගින් එම පරීක්‍ෂණය සිදු කරනු ලබයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍යයට තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන බවට වෛද්‍ය හසංක විජේමුණි පසුගිය (27) වෙනදා කියා සිටියේ ය.
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස වෛද්‍ය බෙල්ලන මාධ්‍ය වෙත එවැනි නිවේදනයක් නිකුත් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්, ඔහු ඉදිරිපත් කරන සමහර තොරතුරු සාවද්‍ය බවත් ඔහු එහිදී සඳහන් කළේය.
රාජ්‍ය නිලධාරියකු ලෙස රුක්ෂාන් බෙල්ලනගේ සමහර ක්‍රියාකලාපයන් නොගැලපෙන බවත් ඔහුගේ හැසිරීම වෛද්‍ය ආචාර ධර්ම හා නීති වලට පටහැනි බවත් වෛද්‍ය හසංක විජේමුණින් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
