මිද්දෙණියෙන් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍යට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් කදාන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ රසානික ද්‍රව්‍ය අදාල ඉඩමේ මල් ගස් අතර තිබි හමුවු බවයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙන බව පොලිසිය සදහන් කරයි.
එමෙන්ම, තංගල්ල – නෙටොල්පිටිය ප්‍රදේශයේ පාළු ඉඩමකින් සොයාගත් කිලෝග්‍රෑම් 5000 කට අධික රසායනික ද්‍රව්‍ය තොගය මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් රසායනික ද්‍රව්‍යවලට යම් සබඳතාවක් ඇති බවට පොලිසිය සැක පළ කරනු ලබයි.
ඉන්දූනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු පස් දෙනාගෙන් ලද තොරතුරු මත කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළියේ පවත්වාගෙන යනු ලබන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ විය.
එවන් පසුබිමක කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ සූක්ෂම ලෙස සඟවා තිබියදී පසුගියදා සොයා ගනු ලැබීය.
එම රසායනික ද්‍රව්‍ය තොගය රස පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ගොඩ ගැනීම ආරම්භ කෙරුණු අතර දෙවැනි දිනටත් එහි පරීක්ෂණ කටයුතු ඊයේ(07) සිදුවිය.
මේ අතර, මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පාර්ශ්ව කිහිපයක් පිළිබඳව ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
එමෙන්ම, තංගල්ල නෙටොල්පිටිය වැලිආර, ප්‍රදේශයේ පාළු ඉඩමක සැකසහිත ද්‍රව්‍ය තොගයක් දමාගොස් තිබියදී පොලිසිය ඊයේ (7) සොයා ගෙන තිබේ.
