මිද්දෙණියෙන් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍යයට සමාන රසායන ද්‍රව්‍යයක් කඳානෙන්

මිද්දෙණියෙන් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍යට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් කදාන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ රසානික ද්‍රව්‍ය අදාල ඉඩමේ මල් ගස් අතර තිබි හමුවු බවයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙන බව පොලිසිය සදහන් කරයි.

එමෙන්ම, තංගල්ල – නෙටොල්පිටිය ප්‍රදේශයේ පාළු ඉඩමකින් සොයාගත් කිලෝග්‍රෑම් 5000 කට අධික රසායනික ද්‍රව්‍ය තොගය මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් රසායනික ද්‍රව්‍යවලට යම් සබඳතාවක් ඇති බවට පොලිසිය සැක පළ කරනු ලබයි.

ඉන්දූනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු පස් දෙනාගෙන් ලද තොරතුරු මත කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළියේ පවත්වාගෙන යනු ලබන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ විය.

එවන් පසුබිමක කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ සූක්ෂම ලෙස සඟවා තිබියදී පසුගියදා සොයා ගනු ලැබීය.

එම රසායනික ද්‍රව්‍ය තොගය රස පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ගොඩ ගැනීම ආරම්භ කෙරුණු අතර දෙවැනි දිනටත් එහි පරීක්ෂණ කටයුතු ඊයේ(07) සිදුවිය.

මේ අතර, මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පාර්ශ්ව කිහිපයක් පිළිබඳව ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

එමෙන්ම, තංගල්ල නෙටොල්පිටිය වැලිආර, ප්‍රදේශයේ පාළු ඉඩමක සැකසහිත ද්‍රව්‍ය තොගයක් දමාගොස් තිබියදී පොලිසිය ඊයේ (7) සොයා ගෙන තිබේ.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron