ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි හර්ෂණී සඳරුවනි අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඉකුත් අගෝස්තු මස 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අධිකරණයට හා ගරු අධිකරණයේ තීන්දුවලට අපහාස කිරීම හේතුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මගින් සිදු කරන ලද පරීක්‍ෂණවලිිින් අනතුරුව ඇය මෙසේ අත්තඩංගුවට ගැනීමට කටයුතු කළ බව සඳහන් වෙයි.
“මේ තීන්දුව කොහොමද අර යූටියුබ්කාරයෝ කලින් දෙන්නේ. තනිකරම මේ නඩු තීන්දුව දුන්නෙ පැලවත්තෙන්. මේක නායකතුමාගෙන් පළිගන්න කළේ. එතුමා නැවත මේ දෙසැම්බර් මාසයේ එනව කියන කතාව ගිය නිසා එතුමට බයේ තමයි මේ දේ කරේ. “ යනුවෙන් ඇය අධිකරණයට අපහාස වන අයුරින් සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට ලක් වූ අතර, ඒ පිළිබඳව අමත්‍ය විජිත හේරත් හා අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබේ.
ඊයේ (17) දින නාගරික මන්ත්‍රිනි හර්ෂණී සඳරුවනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප ලබා දී තිබේ.
