NextWatch

මානසික සෞඛ්‍ය අර්බුධයට රොටරි සමාජයෙන් ඩිජිටල් විසඳුමක්

වර්ධනය වෙමින් පවතින මානසික සෞඛ්‍ය අර්බුධයට විසඳුම් සෙවීම සඳහා රොටරි සමාජය විසින් “Healing Minds Matter ” (HMM) නම් වූ ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීම පසුගිය 29 වෙනිදා සිදු කරනු ලැබූ අතර ඒ පිළිබඳව මාධ්‍ය සහ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ ජෙට්වීන් එළිවේට් හිදි පැවැත්විනි.

2024 වසරේදී මෙරට සියදිවි නසාගැනීම් 3285ක් වර්ථා වී ඇති අතර එය සාමාන්‍යයක් වශයෙන් සෑම දිනකටම ජීවිත 10-12 අතර ප්‍රමානයකි. මෙම තත්වයන් මගහරවා ගැනීමට හැකි ප්‍රධානම ආකාරය ජනතාව දැනුවත් කිරීම සහ උපදේශන සේවාවන් සැපයිමයි. නව ජංගම දුරකථන යෙදවුම හරහා ජනතාව දැනුවත් කිරිම මගින් මෙම තත්වය අවම කරවා ගැනීම රොටරි සමාජයේ අරමුණ වී ඇත.

2024 2025 කාලය තුල පාසල්, විශ්වවිද්‍යාල, කර්මාන්තශාලා, සේවා ස්ථාන සහ ග්‍රාමීය ප්‍රජාවන් තුළ පවත්වන ලද පුළුල් පරාසයක දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා පුද්ගලයින් 11,000 කට අධික පිරිසක් දැනුවත් කිරීමට රොටරි සමාජයට හැකියාව ලැබී ඇති අතර ඉදිරි වසර තුලදී 20,000 කට අධික පිරිසක් දැනුවත් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

ජංගම දුරකථන යෙදවුමට සමගාමීම පැය 24 පුරාම ක්‍රියාත්මක ගාස්තු රහිත දුරකථන සේවයක් හඳුන්වාදිම ද සිදු කරන ලදි. අවශ්‍යය ඕනෑම පුරවැසියෙකුට 1375 යන අංකය අමතා එම සේවාව ලබාගත හැක.

Exit mobile version