NextWatch

Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්

“Rebuilding Sri Lanka” ජාතික වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ‍.  

රට මුහුණ දුන් ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම සඳහා ජනතාව, පෞද්ගලික අංශය සහ අන්තර්ජාතික ප්‍රජාව එකම වේදිකාවකට ගෙන එමින් සංවිධානාත්මක හා විශ්වාසදායක ක්‍රියාවලියක් ගොඩනැඟීම මෙහි ප්‍රධානතම අරමුණ වේ.

www.rebuildingsrilanka.gov.lk නිල වෙබ් අඩවිය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පසුගිය 13දා පැවති ‘Rebuilding Sri Lanka’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙලේදී දියත් කරන ලදී.

මෙම වෙබ් අඩවිය මගින් දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට  මූල්‍යමය මෙන්ම ද්‍රව්‍ය, ඉඩම් සහ අනෙකුත් සම්පත් පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සලසාදී ඇත.

එම පරිත්‍යාගශීලීන්ට තම දායකත්වය පිළිබඳ තොරතුරු විනිවිද පෙනෙන ආකාරයෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද පවතියි.

විශේෂයෙන් ‘Rebuilding Sri Lanka’අරමුදලට බැර වන මූල්‍ය පරිත්‍යාග නිරන්තරයෙන් යාවත්කාලීන කෙරේ.

තවද, දිස්ත්‍රික්ක අනුව සිදු වූ හානි, තම මුදල් මගින් ක්‍රියාත්මක වන නැවත ගොඩනැඟීම් ව්‍යාපෘති, ඒවායේ ප්‍රගතිය සහ නිල නිවේදන මෙම වෙබ් අඩවිය හරහා මහජනතාවට නිරන්තරයෙන් ලබා ගත හැකි වන අතර, රජයේ වගවීම සහ පාරදෘශ්‍යතාව තහවුරු කිරීමද එහි ප්‍රධාන ලක්ෂණයකි.

මෙම වෙබ් අඩවිය මගින් විනිවිදභාවයෙන් යුතුව පරිත්‍යාග කළමනාකරණය, සමාජ සාධාරණත්වය, තිරසාර සංවර්ධනය සහ වගකීම් සහිත රාජ්‍ය පාලනය යන මූලධර්ම මත පදනම්ව රටේ යටිතල පහසුකම්, ආර්ථිකය සහ ජනජීවිතය නැවත ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
 
ඒ අනුව, www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවිය ‘Rebuilding Sri Lanka’වැඩසටහනේ විශ්වාසනීය තොරතුරු මධ්‍යස්ථානය ලෙස කටයුතු කරයි

Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ යනු කුමක් ද?

රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල අද (ජන: 13) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

මිනිස් ජීවිතවලට මෙන් ම පෞද්ගලික හා පොදු දේපළවලට සිදු කරන ලද හානියද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශ කෙරෙහි බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපති කාර්ය සාධක බළකායක්

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රට නැවත ගොඩනැගීමේ වැඩසටහන මූල්‍යනය කිරීම මේ වන විට උපක්‍රමික ප්‍රවේශ 3ක් යටතේ සිදු කෙරෙමින් ඇති බව ය.

එහිදී ප්‍රමුඛතා මත නැවත සකස් කිරීම (Re-purposing) යටතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතරින් තෝරා ගත් ව්‍යාපෘතිවල අරමුණු වෙනස් කරමින් ක්‍රියාත්මක කිරීම, නැවත ප්‍රතිපාදන වෙන් කිරීම (Re-allocating) යටතේ මූල්‍ය කළමනාකරණ පනතේ ඇති ප්‍රතිපාදන මත පදනම්ව අයවැයෙන් වෙන් වන ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදලක් වෙන් කිරීම මෙන් ම 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල මගින් දේශීය, විදේශීය සහ රාජ්‍ය, පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීම තුළින් සිදු වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් ‘Rebuilding Sri Lanka’ සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුව අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපතිවරයා විසින් ස්ථාපනය කර තිබේ.

මෙමගින් මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපනය කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහය යාන්ත්‍රණය ස්ථාපනය කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන නැවත ගොඩනැගීමේ ක්‍රියාකාරකම්වලදී සමස්ත මග පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණවල තීරණ සඳහා මග පෙන්වීම සිදු කරනු ඇත.

එසේ ම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ආංශික අමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ පහත සඳහන් උපකමිටු 8ක් පිහිටුවීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ඒ අනුව,

Exit mobile version