Friday, April 17, 2026
21.4 C
Sri Lanka

Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්

“Rebuilding Sri Lanka” ජාතික වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ‍.  

රට මුහුණ දුන් ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම සඳහා ජනතාව, පෞද්ගලික අංශය සහ අන්තර්ජාතික ප්‍රජාව එකම වේදිකාවකට ගෙන එමින් සංවිධානාත්මක හා විශ්වාසදායක ක්‍රියාවලියක් ගොඩනැඟීම මෙහි ප්‍රධානතම අරමුණ වේ.

www.rebuildingsrilanka.gov.lk නිල වෙබ් අඩවිය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පසුගිය 13දා පැවති ‘Rebuilding Sri Lanka’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙලේදී දියත් කරන ලදී.

මෙම වෙබ් අඩවිය මගින් දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට  මූල්‍යමය මෙන්ම ද්‍රව්‍ය, ඉඩම් සහ අනෙකුත් සම්පත් පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සලසාදී ඇත.

එම පරිත්‍යාගශීලීන්ට තම දායකත්වය පිළිබඳ තොරතුරු විනිවිද පෙනෙන ආකාරයෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද පවතියි.

විශේෂයෙන් ‘Rebuilding Sri Lanka’අරමුදලට බැර වන මූල්‍ය පරිත්‍යාග නිරන්තරයෙන් යාවත්කාලීන කෙරේ.

තවද, දිස්ත්‍රික්ක අනුව සිදු වූ හානි, තම මුදල් මගින් ක්‍රියාත්මක වන නැවත ගොඩනැඟීම් ව්‍යාපෘති, ඒවායේ ප්‍රගතිය සහ නිල නිවේදන මෙම වෙබ් අඩවිය හරහා මහජනතාවට නිරන්තරයෙන් ලබා ගත හැකි වන අතර, රජයේ වගවීම සහ පාරදෘශ්‍යතාව තහවුරු කිරීමද එහි ප්‍රධාන ලක්ෂණයකි.

මෙම වෙබ් අඩවිය මගින් විනිවිදභාවයෙන් යුතුව පරිත්‍යාග කළමනාකරණය, සමාජ සාධාරණත්වය, තිරසාර සංවර්ධනය සහ වගකීම් සහිත රාජ්‍ය පාලනය යන මූලධර්ම මත පදනම්ව රටේ යටිතල පහසුකම්, ආර්ථිකය සහ ජනජීවිතය නැවත ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
 
ඒ අනුව, www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවිය ‘Rebuilding Sri Lanka’වැඩසටහනේ විශ්වාසනීය තොරතුරු මධ්‍යස්ථානය ලෙස කටයුතු කරයි

Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ යනු කුමක් ද?

රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල අද (ජන: 13) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

මිනිස් ජීවිතවලට මෙන් ම පෞද්ගලික හා පොදු දේපළවලට සිදු කරන ලද හානියද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශ කෙරෙහි බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපති කාර්ය සාධක බළකායක්

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රට නැවත ගොඩනැගීමේ වැඩසටහන මූල්‍යනය කිරීම මේ වන විට උපක්‍රමික ප්‍රවේශ 3ක් යටතේ සිදු කෙරෙමින් ඇති බව ය.

එහිදී ප්‍රමුඛතා මත නැවත සකස් කිරීම (Re-purposing) යටතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතරින් තෝරා ගත් ව්‍යාපෘතිවල අරමුණු වෙනස් කරමින් ක්‍රියාත්මක කිරීම, නැවත ප්‍රතිපාදන වෙන් කිරීම (Re-allocating) යටතේ මූල්‍ය කළමනාකරණ පනතේ ඇති ප්‍රතිපාදන මත පදනම්ව අයවැයෙන් වෙන් වන ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදලක් වෙන් කිරීම මෙන් ම 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල මගින් දේශීය, විදේශීය සහ රාජ්‍ය, පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීම තුළින් සිදු වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් ‘Rebuilding Sri Lanka’ සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුව අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපතිවරයා විසින් ස්ථාපනය කර තිබේ.

මෙමගින් මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපනය කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහය යාන්ත්‍රණය ස්ථාපනය කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන නැවත ගොඩනැගීමේ ක්‍රියාකාරකම්වලදී සමස්ත මග පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණවල තීරණ සඳහා මග පෙන්වීම සිදු කරනු ඇත.

එසේ ම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ආංශික අමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ පහත සඳහන් උපකමිටු 8ක් පිහිටුවීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ඒ අනුව,

  • ස්වභාවික ආපදාවෙන් සිදුවූ භෞතික, ආර්ථික සහ සමාජයීය බලපෑම් පිළිබඳ දත්ත රැස් කිරීම විශ්ලේෂණය හා අගැයුම සඳහා පශ්චාත් ආපදා අවශ්‍යතා අගැයුම් කමිටුව.
  • ප්‍රවාහනය, විදුලි බලය, ජලය, වාරිමාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ විදුලි සංදේශ ඇතුළු බලපෑමට ලක්වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය කිරීමේදී සම්පත් සම්බන්ධීකරණය, ප්‍රමිතීන් පිළිබඳ සහතික කිරීම ආදිය වෙනුවෙන්, පොදු යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීමේ කමිටුව.
  • නිවාස, ප්‍රතිසාධන සැලැස්ම මත පදනම්ව බලපෑමට ලක්වූ ප්‍රජාවන් සඳහා හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය හෝ නව නිවාස ඉදිකිරීම වෙනුවෙන්, පීඩාවට පත් ප්‍රජාවන් සඳහා නිවාස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව.
  • ජීවනෝපාය සහ ව්‍යාපාර කඩිනමින් ස්ථාවර කිරීමට සහාය ලබාදීම, ප්‍රධාන සැපයුම්දාම නැවත ගොඩනැංවීම, මූල්‍ය සේවාවන් වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා සංවර්ධනය කිරීම ආදිය වෙනුවෙන් දේශීය ආර්ථිකය සහ ජීවනෝපායන් පුනර්ජීවනය කිරීමේ කමිටුව.
  • අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, සනීපාරක්ෂාව සහ සුබසාධන සහාය ඇතුළු අත්‍යවශ්‍ය සමාජ සේවා ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන්, සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව.
  • අරමුදල් රැස් කිරීම, අයවැය සැලසුම් කිරීම, පරිත්‍යාගශීලීන් සම්බන්ධිකරණය සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ විනිවිදභාවයෙන් යුතුව උපයෝජනය කිරීම වෙනුවෙන්, මූල්‍ය සහ අරමුදල් කමිටුව.
  • පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන අවශ්‍යතා සහ ප්‍රමුඛත්වය ලබාදීම, ප්‍රතිසාධන සැලසුම් උපායමාර්ග මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සඳහා උසස් විශ්ලේෂණ මෙවලම්, පුරෝකථන ආකෘති සහ නව්‍ය තාක්ෂණය අනුගත කළ තොරතුරු පද්ධති තීරණය කිරීම සහ ස්ථාපිත කිරීම වෙනුවෙන් දත්ත සහ තොරතුරු පද්ධති පිළිබද කමිටුව.
  • ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන වැඩසටහන් පිළිබඳ මහජන සන්නිවේදනය, දැනුවත් කිරීම, පාර්ශ්වකාර සම්බන්ධතා සම්බන්ධීකරණය වෙනුවෙන් මහජන සන්නිවේදනය පිළිබඳ කමිටුව.

Hot this week

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(09) උදෑසන 8 සිට පැය...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

Topics

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron