ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයේ (CPI) ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව රටවල් 14ක් අභිභවමින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව නවතම CPI නිවේදනයට අනුව, ශ්‍රී ලංකාව 2024 දී 121 වන ස්ථානයේ සිට 2025 දී 107 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර එය 2024 වසර වසරේ ලද ලකුණු ප්‍රමාණයට වඩා +3ක වර්ධනයක්.
ලෝකයේ රටවල් 180 ක් අතුරින් ශ්‍රී ලංකාව මේ වන විට 107 ස්ථානයේ රැඳී සිටියි.
දූෂණ සංජානන දර්ශකය (CPI) යනු
ෂණ සංජානන දර්ශකය (CPI) යනු ලෝකයේ බහුලව භාවිතා වන ගෝලීය දූෂණ ශ්‍රේණිගත කිරීමක් වන අතර
එය එක් එක් රටේ රාජ්‍ය අංශය කෙතරම් දූෂිතද යන්න මනිනු ලබනවා.
2024 දී, ශ්‍රී ලංකාව එහි නරකම CPI ශ්‍රේණිගත කිරීම වන 121 ට ළඟා වූ අතර, සමාලෝචනය කරන ලද රටවල් 180 න් වඩාත්ම දූෂිත තෙවන ස්ථානය අතරට පත්වුණා.
රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම් අනුව CPI රටවල් 182 ක් ශුන්‍ය (ඉතා දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) දක්වා ශ්‍රේණිගත කරනු ලබනවා.
අඛණ්ඩව අටවන වසරටත්, ඩෙන්මාර්කය දර්ශකයේ ඉහළම ලකුණු (89) ලබා ගත අතර ෆින්ලන්තය සහ සිංගප්පූරුව එහි ඉහලින් රැඳී සිටින රටවල් බවට පත්ව තිබෙනවා.
අඩුම ලකුණු ඇති රටවල්
දකුණු සුඩානය 9
සෝමාලියාව 9
වෙනිසියුලාව 10
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පවසන්නේ ගෝලීය වශයෙන් දූෂණය නරක අතට හැරෙමින් පවතින බවත්, ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවා නායකත්වයේ පරිහානිය මධ්‍යයේ දූෂණය ඉහළ යන බවයි.
මෙම දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් සඳහා ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම් සහ ප්‍රමුඛ පෙළේ විද්වත් මණ්ඩල ඇතුළු ස්වාධීන බාහිර මූලාශ්‍ර 13 ක දත්ත උපයෝගී කරගන්නවා.
මෙහිදී දර්ශකයට අදාළ කරගන්නා රටවල් හා පාලන ප්‍රදේශවලට 0 සිට 100 දක්වා වූ පරිමාණයකින් ලකුණු ලබා දෙන අතර, “0” මගින් හෝ ආසන්න අගයක් හිමි ලකුණකින් අදාළ රාජ්‍යයේ, රාජ්‍ය අංශය වඩාත් දූෂිත බවට සංජානනය වන බවත්, “100” හෝ ආසන්න අගයක් හිමි ලකුණකින් අදාළ රාජ්‍යයේ, රාජ්‍ය අංශය වඩාත් දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය තන්ත්‍රයක් බවට සංජානනය වන බවත් නිර්වචනය කරනු ලබනවා.
