2025 CPI දී නිවේදනයට අනුව ලංකාව 107 වන තැනට

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයේ (CPI) ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව රටවල් 14ක් අභිභවමින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව නවතම CPI නිවේදනයට අනුව, ශ්‍රී ලංකාව 2024 දී 121 වන ස්ථානයේ සිට 2025 දී 107 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර එය 2024 වසර වසරේ ලද ලකුණු ප්‍රමාණයට වඩා +3ක වර්ධනයක්.

ලෝකයේ රටවල් 180 ක් අතුරින් ශ්‍රී ලංකාව මේ වන විට 107 ස්ථානයේ රැඳී සිටියි.

දූෂණ සංජානන දර්ශකය (CPI) යනු 

ෂණ සංජානන දර්ශකය (CPI) යනු ලෝකයේ බහුලව භාවිතා වන ගෝලීය දූෂණ ශ්‍රේණිගත කිරීමක් වන අතර
එය එක් එක් රටේ රාජ්‍ය අංශය කෙතරම් දූෂිතද යන්න මනිනු ලබනවා.

2024 දී, ශ්‍රී ලංකාව එහි නරකම CPI ශ්‍රේණිගත කිරීම වන 121 ට ළඟා වූ අතර, සමාලෝචනය කරන ලද රටවල් 180 න් වඩාත්ම දූෂිත තෙවන ස්ථානය අතරට පත්වුණා.

රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම් අනුව CPI රටවල් 182 ක් ශුන්‍ය (ඉතා දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) දක්වා ශ්‍රේණිගත කරනු ලබනවා.

අඛණ්ඩව අටවන වසරටත්, ඩෙන්මාර්කය දර්ශකයේ ඉහළම ලකුණු (89) ලබා ගත අතර ෆින්ලන්තය සහ සිංගප්පූරුව එහි ඉහලින් රැඳී සිටින රටවල් බවට පත්ව තිබෙනවා.

අඩුම ලකුණු ඇති රටවල්

දකුණු සුඩානය 9

සෝමාලියාව 9

වෙනිසියුලාව 10

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පවසන්නේ ගෝලීය වශයෙන් දූෂණය නරක අතට හැරෙමින් පවතින බවත්, ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවා නායකත්වයේ පරිහානිය මධ්‍යයේ දූෂණය ඉහළ යන බවයි.

මෙම දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් සඳහා ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම් සහ ප්‍රමුඛ පෙළේ විද්වත් මණ්ඩල ඇතුළු ස්වාධීන බාහිර මූලාශ්‍ර 13 ක දත්ත උපයෝගී කරගන්නවා.

මෙහිදී දර්ශකයට අදාළ කරගන්නා රටවල් හා පාලන ප්‍රදේශවලට 0 සිට 100 දක්වා වූ පරිමාණයකින් ලකුණු ලබා දෙන අතර, “0” මගින් හෝ ආසන්න අගයක් හිමි ලකුණකින් අදාළ රාජ්‍යයේ, රාජ්‍ය අංශය වඩාත් දූෂිත බවට සංජානනය වන බවත්, “100” හෝ ආසන්න අගයක් හිමි ලකුණකින් අදාළ රාජ්‍යයේ, රාජ්‍ය අංශය වඩාත් දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය තන්ත්‍රයක් බවට සංජානනය වන බවත් නිර්වචනය කරනු ලබනවා.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron