2016 රාජගිරිය රිය අනතුරෙන් පසු ජීප් රථය නතර කළ අවස්ථාවේ එහි රියැදුරු අසුනේ සිටි පුද්ගලයා තමන් අමාත්ය චම්පික රණවක බව පවසමින් පහර නොදෙන ලෙස ඉල්ලා සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු අධිකරණය හමුවේ හෙළි කළේය.
හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ සාක්ෂි ලබාදෙමින්, දීර්ඝ කාලයක් විදේශගතව සිට නැවත පැමිණි සිද්ධික් මොහොමඩ් සූෆායික් නමැති සාක්ෂිකරු සඳහන් කළේ අනතුරට ලක්වූ යතුරුපැදියට මීටර් 50ක් පමණ පිටුපසින් තමන් ගමන් කළ බවයි. අනතුරින් පසු සරණ පාර ඔස්සේ බොරැල්ල දෙසට ධාවනය වූ ජීප් රථය මාර්ගය හරස් කර නවතා ගැනීමට තමන් සමත් වූ බවද ඔහු පැවසීය.
ජීප් රථය නතර කිරීමෙන් පසු තමන් සමඟ සිටි අනෙක් පුද්ගලයා එහි දොර විවෘත කර රියැදුරුට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ, රියැදුරු අසුනේ සිටි තැනැත්තා “ගහන්න එපා.. මම ඇමති චම්පික රණවක” යනුවෙන් ප්රකාශ කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.
2016 පෙබරවාරි 28 වැනිදා රාජගිරියේදී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවේ පළමු පැමිණිල්ලේ සාක්ෂිකරු වූ ගයාන් විනෝදක මහතා ද මීට පෙර අධිකරණය හමුවේ සමාන සාක්ෂියක් ලබාදී තිබුණි.
