දූෂිත ජාලය පාලනය කරන්නේ රජපක්ෂවරු – ෆොන්සේකා

රාජපක්ෂවරුන් විසින් දුෂණ ජාලය ජාත්‍යන්තර ලෙස ගෙන ගොස් පාලනය කරන අතර, ඒ හේතුවෙන් මෙරට දුෂණය සිමාවල් කඩාගෙන ගොස් තිබෙන බවත්, වර්තමාන ආණ්ඩුව පෙර පැවති ආණ්ඩුවලට වඩා සියදහස් ගුණයකින් හොද බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“පොඩි පොඩි අඩුපාඩු තිබුණත් මේ ආණ්ඩුව මීට කලින් තිබුණ ආණ්ඩුවලට වඩා දහස් ගුණයක් හොඳයි කියලා මං මගේ හෘද සාක්ෂියට ඒකඟව කියනවා. ඒක මගේ හෘද සාක්ෂියට එකඟව මම කියනවා මීට කලින් තිබුණ ඕනම රජයකට වඩා මේ රජය දහස් ගුණයක් හොඳයි. මොකද අඩු ගානේ මේ රජයට කොන්ද පණ තියෙනව දූෂිතයො ආරක්ෂා නොකර ඉන්න. ඕන හොරෙක් ඉස්සර ඕන හොරකමක් කරොත් සල්ලි තියෙනවා නම් මැර බලය තියෙනවා නම් පස්ස දොරෙන් ගිහිල්ලා ඒකෙන් බේරෙන්න පුළුවන්. ඕන වංචාවක් කරලා බේරෙන්න පුළුවන්. මේ රජය අඩු ගානේ පස්ස දොරෙන් ඇවිල්ලා වංචාකාරයොන්ට බේරෙන්න තියෙන අවස්ථාව බ්ලොක් කරලා තියෙනවා.

ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහයක යෙදෙමින් ඉන්නවා. 100%ක් තාම සාර්ථක නැති උනත් ඒ කරන ව්‍යායාමය නිසාම මම භය නැතුව කියනවා මේ රජය මීට කලින් තිබුන ආණ්ඩුවලට වඩා දහස් ගුණයක් හොදයි කියලා. මේ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. අයියලා මල්ලිලා තාත්තලා බාප්පලා පුත්තු ඔක්කොම එකතුවෙලා මේ දූෂිත ජාලය සම්පූර්ණයෙන් පාලනය කරනවා. ඒක තමයි මේ රටේ දූෂණය සීමාවල් වැට කඩුලු කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. වැඩි දෙයක් ඕනේ නෑ. පිටකොටුවේ කරවල ගේන මුදලාලි කෙනෙක් ඉන්නවනම් මේගොල්ලෝ දූෂි ජාලයට ඒ මුදලාලිත් අහුවෙනවා. ලංකාවට අල ගේන මුදලාලි කෙනෙක් ඉන්නවනම්, පරිප්පු ගේන මුදලාලි කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලොත් මේ දූෂිත ජාලයේ ග්‍රහණයටට අහුවෙනවා. මේ දූෂිතයොන්ට මේක රහ වැටුනම කොටියට ලේ රහ වැටුනා වගේ තමයි. මේක අත අරින්නේ නෑ කීයටවත්. හිර ගෙවල් දාහක දැම්මත් මේක අතහරින්නේ නෑ. දැන් මේ දවස්වල තමුන්නාන්සේලා දකිනවා අපේ ජනාධිපතිතුමත් විශාල කැපවීමක් කරලා අලුත් පනතකුත් ගෙනල්ලා මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගේ භාර දෙන්න කියලා තියෙනවා. දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. දැන් මේ තුන්දෙනාම මොනවද මොනවද මේ දවස්වල කියන්නේ? මම හෙට යනවා කියනවා එක්කෙනෙක්. මට තව සුමාන දෙකක් දෙන්න තියෙනවා කියනවා. හෙට යනවා කියපු කෙනා ආපහු ඇවිල්ලා කියනවා මට තව මාස දෙකක් ඕනේ කියලා. මේකෙන් යන්නෙ නෑ. ගෙවලයෝ වගේ. තමුන්නාන්සේලා දන්නවනේ තවුන්නාන්සේලාගේ ගම් වල ඉන්නවද ගෙවලයෝ. අර පැන පැන පැන ඇවිල්ලා ඇඟට පැන්නම ඇඟේ ඇලවෙන්නේ. ගෙවලයෙකුට පයින් ගැහුවම මොකද වෙන්නේ? වීසිවෙලා ගිහිල්ලා කැරකිලා කැරකිලා ආයේ ගේ පැත්තට හැරිලා තමයි වැටෙන්නේ. රාජපක්ෂලත් එහෙම තමයි. දැන් රාජපක්ෂ විජේරාමයේ බංගලාව භාර දෙන්න ඕන කියලා මම දැක්කා ටීවී එකේ රාජපක්ෂගේ හෙංචයියෙක් නීතිඥ මහත්තයෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා ගේට්ටුව ගාව ඉඳගෙන මයික් දෙක තුනකුත් අල්ලගෙන මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරයෙනුයි අරලියගහ මන්දිරයෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ. මේවා ඒගොල්ලෝ ඇවිල්ලා අරන් යන්න ඕනලු. එතකොට ඉතුරු වෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ. එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. නිවස රෙපෙයාර් කරන්න කෝටි 50ක් වියදම් කරපු මහින්ද රාජපක්ෂ තමුන්නාන්සේලාගේ සල්ලි, තමුන්නාන්සේලා හිතනවද හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලි වලින් ඒ ගෙදරට? කෝටි 50ක් කියන්නේ අක්කරේක විතර භූමි භාගයක් තියෙන තට්ටු දෙක ගෙයක් ගහන්න පුළුවන් කෝටි 50ක් කියන්නේ. මේ ගෙයක් අලුත්වැඩියා කරන්න. එච්චර පෙරේතකමක් තියෙන පුද්ගලයෙක්…”

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron