අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලීසිය අනතුරු අඟවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අවධාරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ ඇතැම් පාර්ශ්වයන් විසින් හිතාමතාම සිදුකරන මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් මහජනතාව නොමඟ යෑමට මෙන්ම සමාජය තුළ අනවශ්‍ය බියක් සහ කැළඹිලි සහගත තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ සැරිසරන, නිසි පරිදි තහවුරු නොකළ තොරතුරු නැවත හුවමාරු කිරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

එවැනි අසත්‍ය කරුණු සමාජගත කරමින් මහජන සාමයට බාධා පමුණුවන පළකිරීම් සම්බන්ධයෙන් පොලීසිය දැඩි සෝදිසියෙන් පසුවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එලෙස කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පරිගණක අපරාධ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම නීතිමය පියවර ගනිමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Hot this week

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...

Topics

කෙහෙළියට එරෙහිව අපහාස පෙත්සමක්!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ඉටු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර...

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron