බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.

එමෙන්ම, බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබේ.

2014 වසරේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට යොමු කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතු සඳහා වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබාදීමට යොදාගැනීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබිණි.

Hot this week

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...

කෙහෙළියට එරෙහිව අපහාස පෙත්සමක්!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ඉටු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර...

ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ හිටපු පුද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් රක්ෂිත බන්ධනාගාරයට

2011 සමුපකාර අරමුදලින් ලක්ෂ 19ක් අවභාවිත කිරීමේ චෝදනාව මත...

Topics

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...

කෙහෙළියට එරෙහිව අපහාස පෙත්සමක්!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ඉටු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර...

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron