තැපැල් දෙපාර්තමේන්තුව ගැන තීරණයක් ගන්න වෙනවා

තැපෑල් දෙපාර්තුමේන්තුව තවදුරටත් භාණ්ඩාගාරයට බරක් නොවිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයකයන් ලෙස තෝරා ගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානයට සහභාගී වෙමින්.

2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහයක බඳවාගැනීම් සිදුකර නොමැති අතර, ඒ හේතුවෙන් පසුගිය වර්ෂය අවසානය වන විට තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයක පුරප්පාඩු 1982 ක් පැවතුණා.

එවන් පුරප්පාඩු සංඛ්‍යාවක් සමඟ දෙපාර්තුමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යාම දැඩි අර්බුධකාරී තත්වයක් මතු වු අතර එයට විසඳුමක් ලෙස අදාල පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1,000 ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීම පරිදි 2025 අගෝස්තු 19 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, මේ දක්වා තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචි වී සිටි නිසි සුදුසුකම් සම්පුර්ණ කළ පිරිස අතරින් ඉහත 731 දෙනෙකු මෙලෙස බඳවා ගැනීම සඳහා තෝරාගනු ලැබුවා.

බඳවා ගැනීම් සියල්ල සිදු කරනුයේ සියලු සේවාවන් කඩිනමින් සපයා ජනතාවගේ විශ්වාසය දිනාගෙන, ආදායම් තත්ත්වය ඉහළ නන්වා ගනිමින් භාණ්ඩාගාරයට වැය බරක් නොවී තැපෑල අමතර ආදායමක් එක් කරනු ලබන තැනක් බවට පත් කර ගැනීමට බවද අමාත්‍ය්වරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයේ කියා සිටියේ,

“අද වෙනකොට තැපෑල කියලා කියන්නේ රාජ්‍ය සේවයක් වුණාට අපිට හුදෙකලාව පවතින්නට බැහැ. අපි මේ තරගකාරී වෙළඳපොලක් තුළ. රජය මගින් තැපැල් සේවාව පවත්වාගෙන ගියපු කාලයේදී කරපු සමහර සේවාවන් දැන් අද පුද්ගලික අංශ ඇතුළත් වෙලා තියෙනවා.දැන් තරඟකාරීත්වයක්. මේ තරගකාරීත්වයට මුහුණ දෙන අපට හැකියාවක් තිබෙනවා. සමහර රාජ්‍ය ආයතන වලට ඒ හැකියාව අවම වුණාට අපිට පුළුවන්. ඒකට හේතු වෙන්නේ එකක්, අපිට රට පුරා විහිදුණු දැවැන්ත තැපැල් කාර්යාල ජාලාවක් තියෙනවා.දැනට අපිට ඔබත් ඇතුළුව 18,000කට ආසන්න ස්ථිර කාර්‍ය මණ්ඩලයක් ඉන්නවා. සමහර අමාත්‍යාංශයකටවත් එච්චර නැහැ. තවත් අපි ස්ථිර කළ යුතු තවත් 2000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා එළියේ. එතකොට දළ වශයෙන් ගත්තොත් 20000කට අසන්න කාර්‍ය මණ්ඩලයක් එක්ක තමයි අපි මේ තැපැල් සේවාව පවත්වාගෙන යන්නේ. මේ දේවල් හැමපැත්තෙන්ම කරමින් ඉන්නේ. අපිට අවශ්‍යයි එකක්, ජනතාවට විශ්වාසවන්ත, සුරක්ෂිත,ලාභදායි, ඉක්මන් සේවාවක් තැපෑල හරහා ලබා දෙන්න. ඒ දේ කරලා දෙන්නම් ඕනේ ජනතාවට.

මේ දේවල් ලබා දීලත් ඔබට බැරි නම් තැපෑල ලාභ ලබන තැනක් බවට පත් කරන්න, එහෙනම් අපිට හිතන්න වෙනවා මෙය මේ ආකාරයේ සේවාවක් බවට භාණ්ඩාගාරය මුදල් තවදුරටත් යොදවා ගනිමින් පවත්වා ගත යුතු නැද්ද කියන එක.”

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron