සයිරන් එක නැතුව ජනතාවට SMS එකක් දාන්න තිබ්බා – ගම්මන්පිල

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි ක්‍රමයක් වන සයිරන් නාද කිරීම වෙනුවට ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් හෝ සමාජ මාධ්‍ය යොදාගෙන සන්නිවේදනය කිරීමේ ක්‍රමයක් භාවිතා කිරීමේ හැකියාවක් තිබු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

එසේ තාක්ෂණය භාවිත නොකිරීම ගැන ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න නොකළ බව ගම්මන්පිල මහතා චෝදනා කරමින් පවසා සිටියේ ය.

ජලාශයට ජලය ගල එන වේගය අනුව ජලාශය පිරීමට ගතවන කාලය කලින් ගණනය කරගත හැකි බවත් ඒ අනුව වාන් දොරටු විවෘත කරන කාලය පැය කිහිපයකට කලින් නිලධාරීන්ට දැනගත හැකි බවයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.

ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කර සිටියේ ය.

ගම්මන්පිල මහතා,

”සයිරන් එක නාද කිරීම ඉතා පැරණි තාක්ෂණයක්. මොකද මහා වැස්ස මැද සයිරන් එක විනාඩි 10කට කලින් ගැහුවත් හඬ ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇහුනත් විනාඩි 10ක් ඇතුළත කරගන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ජලාශයට වතුර එන වේගය අනුව ජලාශය සම්පූර්ණයෙන් පිරෙන්න කොච්චර වෙලාවක් යයිද ඒ අනුව වාන් දොරටු අරින්නේ කොයි වේලාවේද කියන එක පැය කිහිපයකට කලින් දැන ගැනීමේ හැකියාව තිබෙනවා. කල් ඇතිව ගණනය කරගත්තේ නැත්තේ ඇයි කියල ජනාධිපතිතුමා ප්‍රශ්න කරනවා අපිවත් දැක්කේ නැහැ. ඇයි මේ සයිරන් ගහන්නේ මේක අවුරුදු 100කට වඩා පරණ තාක්ෂණයක්. අද බොහෝ දෙනෙකුට ප්‍රදේශයේ ජනතාවගෙන් 99%කටම තියෙනවා ජංගම දුරකථන.මේ ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක්, SMS එකක් එවල මේක දැනුම් දුන්නා නම් නැත්නම් ලවුඩ්ස්ස්පිකර් බැඳලා නිවේදනය කළා නම් නැත්නම් යටවිය හැකි ප්‍රදේශ කලින් ගණනය කළ හැකියි. එතකොට ඒ ප්‍රදේශවල ඉන්න අයට වට්ස් ඇප් සමූහයන් වැනි සමාජ මාධ්‍ය භාවිතා කරලා මේ ගැන සනිවේදනය කරන්න කටයුතු කළේ නැත්තේ ඇයි?මෙන්න මේවා තමයි ජනාධිපතිතුමා විසින් ඇසිය යුතුව තිබුණු ප්‍රශ්න. අවාසනාවට එවැනි ප්‍රශ්න කිරීමක් දැක්කේ නැහැ.”

Hot this week

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

Topics

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron