අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කර බලා අවශ්‍යතාවය පරිදි එම සීමා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපතිවරයාගේ  සභාපතිත්වයෙන් පසුගිය හතවෙනිදා  (07)  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කරුණු දක්වමින් ජනාධිපතිවරයා, අධි ආරක්‍ෂිත කලාප යනු ස්වාභාවිකව පවතින සීමා නොවන බවත් ඒ හේතුවෙන් පවතින ආරක්ෂක තත්ත්වයන් සලකාබැලීමෙන් අනතුරුව එම අධි ආරක්‍ෂිත කලාප සීමා වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ පුද්ගලික ඉඩම් නැවත එම ජනතාවටම  ලබාදීම පිළිබඳව  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයන් යොමු කළ ගැටලු සඳහා ද ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ආරක්ෂක කඳවුරු හා විවිධ කටයුතු සඳහා පවරාගෙන ඇති  ජනතාවගේ පෞද්ගලික ඉඩම්  නැවත ඔවුන්ටම ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවය.

එමෙන්ම  නැවත ලබාදිය හැකි පෞද්ගලික ඉඩම් ලබාදීමටත්, එලෙස ලබාදීමට අපහසුතා පවතින ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදල් ලබාදී  එම ක්‍රියාවලිය  කඩිනම් කිරීමේ වැදගත්කම එහි දී ජනාධිපතිවරයා සිහිපත් කර ඇත.

තවද රජයේ ආර්ථික කටයුතු සඳහා ආරක්ෂක කඳවුරු පවතින ප්‍රදේශවල ඉඩම් කොපමණ ප්‍රමාණයක් යොදාගත හැකිද යන්න සොයා බලා වාර්තා කිරීමටද ඒ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා  දෙන ලදී.

තවද මෙම  කාරක සභා රැස්වීමේදී  2026.04.09   දින පාර්ලිමේන්තු අනුමතියට ඉදිරිපත් කිරීමට නියමිත (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනතේ 161 වගන්තිය යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ඉදිරිපත් කළ නියෝග සලකා බැලීමෙන් අනතුරුව  අනුමත කිරීමද සිදු කෙරිණි.  

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron