ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉවත් වී තිබේ.
සිරදඬුවම් විඳින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මෙම පෙත්සම සලකා බැලීමෙන් තමන් ඉවත් වන බව දැනුම් දුන් සභාපති විනිසුරුවරයා, ඉන් අනතුරුව අදාළ පෙත්සම් විභාගය සඳහා නව ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ලක් ඒ සඳහා පත් කරනු ලැබ තිබේ.


