හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නඩුව කල් යයි!

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා සම්බන්ධ නඩුව ලබන ජනවාරි මස 26 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අතර, දැනට ඇප මත මුදාහැර සිටින සැකකාර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවල වත්මන් ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජනවාරි 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නියෝග කළේය.

ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන හතරක සේවකයින්ට රක්ෂණාවරණ ලබාදීමේ ක්‍රියාවලියේදී රජයට මූල්‍යමය වශයෙන් පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම මඟින් හිටපු අමාත්‍යවරයාව මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

Topics

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron