සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා රුපියල් 5ක වැඩි මුදලකට ආනයනික කීරි සම්බා සහල් අලෙවි කළ වැලිමඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් පවරන ලද නඩුවකට අදාළව අධිකරණය මගින් මෙලෙස දඩ නියම කර ඇත්තේ වැලිමඩ, නුවරඑළිය පාරේ පිහිටි බදුරියා සුපර් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙතයි.

2025 දෙසැම්බර් 04 වන දින අදාළ නිලධාරීන් කණ්ඩායම විසින් සිදුකළ වැටලීමකදී මෙම නීති උල්ලංඝනය අනාවරණය කරගෙන ඇත. එහිදී ආනයනික කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක නියමිත පාලන මිල රුපියල් 255ක්ව පැවැති අතර, විමර්ශන නිලධාරියෙකුට එම සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 260ක මුදලකට අලෙවි කිරීමට වෙළෙඳසැල කටයුතු කර තිබේ.

ඒ අනුව නියමිත පාලන මිලට වඩා රුපියල් 5ක් වැඩිපුර අය කරමින් පාරිභෝගික පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ දඩ මුදල නියම විය.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ තොරතුරු 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ කාර්යාල වේලාවන් තුළ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Hot this week

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...

Topics

සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම නව...

නව සංවිධානාත්මක අපරාධ පනතින් සාමාන්‍ය ජනතාවට සහ තරුණයන්ට භීෂණයක්

යෝජිත නව සංවිධානාත්මක අපරාධ පනත පාතාලය මර්දනය කිරීමට නොව...

දිවයින ආසන්නයේ අඩු පීඩන කලාපයක්.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලි...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron