ශ්‍රීලන්කන් හැකර් ප්‍රහාරය බොරුවක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධති සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම ගුවන් සමාගම නිවේදනය කරයි. පද්ධති හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බවට පැතිර යන සියලු ප්‍රචාර ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කර සිටී.

පසුගිය ජූනි 29 වන දින මෙයට අදාළ යම් සිදුවීමක් වාර්තා වූ වහාම, සමාගම විසින් පුළුල් තාක්ෂණික විමර්ශනයක් සහ පූර්වාරක්ෂක පියවරයන් කඩිනමින් ක්‍රියාත්මක කර ඇත. එම තාක්ෂණික ඇගයීම්වලට අනුව තහවුරු වී ඇත්තේ ගුවන් සේවයේ අභ්‍යන්තර තොරතුරු පද්ධතිවලට හෝ මෙහෙයුම් ජාලයට කිසිදු අනවසර පිවිසීමක්, දත්ත සොරකම් කිරීමක් හෝ හානියක් සිදුවී නොමැති බවයි.

එමෙන්ම කිසිදු පාර්ශ්වයක් විසින් බිට්කොයින්, අමෙරිකානු ඩොලර් හෝ වෙනත් කිසිදු ක්‍රමයක් හරහා කප්පම් මුදලක් ඉල්ලා නොමැති අතර, එවැනි මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක්ද පවත්වා නොමැත. මෙම තත්ත්වය හමුවේ වුවද, ආයතනයේ විද්‍යුත් තැපැල් පද්ධතිය ඇතුළු සියලුම සේවාවන් සහ ගුවන් මෙහෙයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් අවධාරණය කරයි.

Hot this week

PSTA පනත් කෙටුම්පත අනතුරුදායක බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියයි

ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත...

ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල්යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින...

මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක වාර්තාගත දඩයක්

තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සහ...

අද සිට විදුලි කප්පාදුව අවසන්.

ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අංක දෙක ජනන යන්ත්‍රය යළිත් පූර්ණ...

ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන දයාසිරිගෙන් ප්‍රශ්න.

පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්...

Topics

හූනියම් කරලා ජනපතිව මරන්න හදනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ චේතනාවෙන් ඔහුගේ...

සුරේෂ් සලේ නඩුවේ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේපයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ.

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයකම...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron