තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්ය ප්රකාශ සිදුකිරීමේ සහ පරිශීලකයන් නොමග හැරීමේ චෝදනා මත මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර ඇත.
ෆේස්බුක්, ඉන්ස්ටර්ග්රෑම් සහ වට්ස්ඇප් හි මාතෘ සමාගම වන මෙටා වෙත අධිකරණයක් විසින් පැනවූ ඉතිහාසයේ ඉහළම දඩ මුදල මෙය වන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
නිව් මෙක්සිකෝ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, නියම කර ඇති දඩ මුදල එම ප්රාන්තය තුළ මෙටා සමාගමේ එක් කාර්තුවක ලාභයට සමාන වන බව සඳහන් වේ.
අධිකරණයේදී හෙළි වී ඇත්තේ,
1.මෙටා සමාගමේ විධායක නිලධාරීන් වසර ගණනාවක සිට පරිශීලකයින්ගේ අනුදැනුමකින් තොරව දත්ත තෙවැනි පාර්ශව වෙත සපයා ඇති බවයි.
2.දත්ත ආරක්ෂණ ප්රතිපත්ති සම්බන්ධයෙන් පරිශීලකයින් නොමග යවන සුළු ප්රකාශ සිදුකර ඇති බවයි.
තීන්දුවෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් නිව් මෙක්සිකෝ නීතිපති රාවුල් ටොරෙස් පැවසුවේ, මෙම දඬුවම එක්සත් ජනපද ඉතිහාසයේ සංස්ථාවකට එරෙහිව පැනවූ විශාලතම මූල්ය දඬුවම්වලින් එකක් වන බවයි.


