අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ.

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ ආශ්‍රිත පහත්බිම් රැසකට මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව රාජාංගනය ජලාශයේ වාන් දොරටු තිහෙන් අටක් මේ වන විට විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 7,884ක ජල ධාරිතාවක් කලාඔයට මුදා හැරේ.

ඊට අමතරව ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින තද වැසි හේතුවෙන් අද (22) අලුයම දක්වා විවෘත කර තිබූ වාන් දොරටු දෙකෙන් එකක් ස්වයංක්‍රීයව වැසී ගොස් අනෙක් දොරටුව තවදුරටත් විවෘතව පවතී. කෙසේ වෙතත් වර්ෂාව අඛණ්ඩව පැවතුණහොත් සෙසු දොරටු ද ස්වයංක්‍රීයව විවෘත විය හැකි බැවින් කොත්මලාඔය දෙපස පහළ නිම්නයේ ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉංජිනේරුවන් දැනුම් දෙයි.

මේ අතර දැදුරු ඔය ද්‍රෝණියට පවතින අධික වර්ෂාව හේතුවෙන් එහි ජල මට්ටම ගංවතුර මට්ටම ආසන්නයට පැමිණ ඇත. මේ හේතුවෙන් එහි පිටවාන් දොරටු විවෘත කර තත්පරයට ඝන අඩි 16,500ක ජල ධාරිතාවක් මේ වන විට මුදාහරිමින් පවතින අතර, ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව එය තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මෙම තත්ත්වය හමුවේ දැදුරු ඔය පහළ නිම්නයට අයත් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් රැසකට දැඩි ගංවතුර අවදානමක් මතුව තිබේ. එබැවින් අදාළ ප්‍රදේශවාසීන්ට සහ එම මාර්ග භාවිත කරන රියදුරන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් ඉල්ලා සිටී.

Hot this week

PSTA පනත් කෙටුම්පත අනතුරුදායක බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියයි

ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත...

ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල්යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින...

මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක වාර්තාගත දඩයක්

තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සහ...

අද සිට විදුලි කප්පාදුව අවසන්.

ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අංක දෙක ජනන යන්ත්‍රය යළිත් පූර්ණ...

ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන දයාසිරිගෙන් ප්‍රශ්න.

පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්...

Topics

හූනියම් කරලා ජනපතිව මරන්න හදනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ චේතනාවෙන් ඔහුගේ...

සුරේෂ් සලේ නඩුවේ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේපයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

ශ්‍රීලන්කන් හැකර් ප්‍රහාරය බොරුවක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධති සයිබර් ප්‍රහාරයකට ලක්ව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron