තංගල්ල නිවසේ දී මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සහිත ලොරි තුනක් හමුවූ නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අද (23) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

තංගල්ල ප්‍රදේශයේ දී ලොරි රථ තුනක තිබී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ වන බව පොලීසිය පවසයි.

පොලිසිය සදහන් කළේ ලොරි රථ තුනෙහි තිබී අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවල කිලෝග්‍රෑම් 705.91ක තොගයක් සොයාගත් බවය.

ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක තොගයක් වන බව සදහන් වෙයි.

තංගල්ල, සීනිමෝදර ප්‍ර දේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අභිරහස් ලෙස මියයාමත් සමග පොලිසියට ලද තොරතුරු මත ඊයේ දින සිදුකළ විශේෂ මෙහෙයුමක දී ලොරි රථ 3ක තිබී අදාල අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි.

එහිදී එක්ලොරි රථයක් තුළ තිබී මත්ද්‍රව්‍ය වලට අමතරව ටී – 56 ගිනි අවියක් සහ ඇසුරුම් ඉවත් නොකල නව පිස්තෝල වර්ගයේ ගිනි අවි 5ක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවරම් සිදුකරන උනාකූරුවේ ශාන්ත නැමති අපරාධකරුට අයත් බවටයි පොලිසිය සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

මේ අතර අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් තිදෙනා ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවට සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

රෝහල්ගතව සිටිය දී ඊයේ දිනයේ මියගිය පුද්ගලයා, උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවු උනාකූරුවේ තුසිත යන අය බවද වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් උනාකූරුවේ තුසිත යන අයගේ පුත්‍රයින් දෙදෙනා ඇතුලු 6 දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා සහ එක්ලොරි රථයක රියදුරෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්ව තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Hot this week

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...

අර්ජුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සමේ විභාගය දෙසැම්බර් 16 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්...

නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලපෑම් නෑ

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන අධිකාරියෙන් කිසිදු බලපෑමක්...

නාමල් සිරකරන්න ආණ්ඩුව විමර්ශන වාර්තා සඟවනවා!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීති විභාගය සම්පූර්ණ...

Topics

රාජපක්ෂ පවුලේ සියල්ලන්ම වංචාවලට සම්බන්ධයි – එරංග ගුණසේකර

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රට බේරා ගැනීමට නොව අල්ලස් හා...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි.

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron