Wednesday, December 31, 2025
21.7 C
Sri Lanka

දූෂිත ජාලය පාලනය කරන්නේ රජපක්ෂවරු – ෆොන්සේකා

රාජපක්ෂවරුන් විසින් දුෂණ ජාලය ජාත්‍යන්තර ලෙස ගෙන ගොස් පාලනය කරන අතර, ඒ හේතුවෙන් මෙරට දුෂණය සිමාවල් කඩාගෙන ගොස් තිබෙන බවත්, වර්තමාන ආණ්ඩුව පෙර පැවති ආණ්ඩුවලට වඩා සියදහස් ගුණයකින් හොද බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“පොඩි පොඩි අඩුපාඩු තිබුණත් මේ ආණ්ඩුව මීට කලින් තිබුණ ආණ්ඩුවලට වඩා දහස් ගුණයක් හොඳයි කියලා මං මගේ හෘද සාක්ෂියට ඒකඟව කියනවා. ඒක මගේ හෘද සාක්ෂියට එකඟව මම කියනවා මීට කලින් තිබුණ ඕනම රජයකට වඩා මේ රජය දහස් ගුණයක් හොඳයි. මොකද අඩු ගානේ මේ රජයට කොන්ද පණ තියෙනව දූෂිතයො ආරක්ෂා නොකර ඉන්න. ඕන හොරෙක් ඉස්සර ඕන හොරකමක් කරොත් සල්ලි තියෙනවා නම් මැර බලය තියෙනවා නම් පස්ස දොරෙන් ගිහිල්ලා ඒකෙන් බේරෙන්න පුළුවන්. ඕන වංචාවක් කරලා බේරෙන්න පුළුවන්. මේ රජය අඩු ගානේ පස්ස දොරෙන් ඇවිල්ලා වංචාකාරයොන්ට බේරෙන්න තියෙන අවස්ථාව බ්ලොක් කරලා තියෙනවා.

ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහයක යෙදෙමින් ඉන්නවා. 100%ක් තාම සාර්ථක නැති උනත් ඒ කරන ව්‍යායාමය නිසාම මම භය නැතුව කියනවා මේ රජය මීට කලින් තිබුන ආණ්ඩුවලට වඩා දහස් ගුණයක් හොදයි කියලා. මේ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. අයියලා මල්ලිලා තාත්තලා බාප්පලා පුත්තු ඔක්කොම එකතුවෙලා මේ දූෂිත ජාලය සම්පූර්ණයෙන් පාලනය කරනවා. ඒක තමයි මේ රටේ දූෂණය සීමාවල් වැට කඩුලු කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. වැඩි දෙයක් ඕනේ නෑ. පිටකොටුවේ කරවල ගේන මුදලාලි කෙනෙක් ඉන්නවනම් මේගොල්ලෝ දූෂි ජාලයට ඒ මුදලාලිත් අහුවෙනවා. ලංකාවට අල ගේන මුදලාලි කෙනෙක් ඉන්නවනම්, පරිප්පු ගේන මුදලාලි කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලොත් මේ දූෂිත ජාලයේ ග්‍රහණයටට අහුවෙනවා. මේ දූෂිතයොන්ට මේක රහ වැටුනම කොටියට ලේ රහ වැටුනා වගේ තමයි. මේක අත අරින්නේ නෑ කීයටවත්. හිර ගෙවල් දාහක දැම්මත් මේක අතහරින්නේ නෑ. දැන් මේ දවස්වල තමුන්නාන්සේලා දකිනවා අපේ ජනාධිපතිතුමත් විශාල කැපවීමක් කරලා අලුත් පනතකුත් ගෙනල්ලා මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගේ භාර දෙන්න කියලා තියෙනවා. දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. දැන් මේ තුන්දෙනාම මොනවද මොනවද මේ දවස්වල කියන්නේ? මම හෙට යනවා කියනවා එක්කෙනෙක්. මට තව සුමාන දෙකක් දෙන්න තියෙනවා කියනවා. හෙට යනවා කියපු කෙනා ආපහු ඇවිල්ලා කියනවා මට තව මාස දෙකක් ඕනේ කියලා. මේකෙන් යන්නෙ නෑ. ගෙවලයෝ වගේ. තමුන්නාන්සේලා දන්නවනේ තවුන්නාන්සේලාගේ ගම් වල ඉන්නවද ගෙවලයෝ. අර පැන පැන පැන ඇවිල්ලා ඇඟට පැන්නම ඇඟේ ඇලවෙන්නේ. ගෙවලයෙකුට පයින් ගැහුවම මොකද වෙන්නේ? වීසිවෙලා ගිහිල්ලා කැරකිලා කැරකිලා ආයේ ගේ පැත්තට හැරිලා තමයි වැටෙන්නේ. රාජපක්ෂලත් එහෙම තමයි. දැන් රාජපක්ෂ විජේරාමයේ බංගලාව භාර දෙන්න ඕන කියලා මම දැක්කා ටීවී එකේ රාජපක්ෂගේ හෙංචයියෙක් නීතිඥ මහත්තයෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා ගේට්ටුව ගාව ඉඳගෙන මයික් දෙක තුනකුත් අල්ලගෙන මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරයෙනුයි අරලියගහ මන්දිරයෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ. මේවා ඒගොල්ලෝ ඇවිල්ලා අරන් යන්න ඕනලු. එතකොට ඉතුරු වෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ. එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. නිවස රෙපෙයාර් කරන්න කෝටි 50ක් වියදම් කරපු මහින්ද රාජපක්ෂ තමුන්නාන්සේලාගේ සල්ලි, තමුන්නාන්සේලා හිතනවද හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලි වලින් ඒ ගෙදරට? කෝටි 50ක් කියන්නේ අක්කරේක විතර භූමි භාගයක් තියෙන තට්ටු දෙක ගෙයක් ගහන්න පුළුවන් කෝටි 50ක් කියන්නේ. මේ ගෙයක් අලුත්වැඩියා කරන්න. එච්චර පෙරේතකමක් තියෙන පුද්ගලයෙක්…”

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron