”මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා”     -සරත් ෆොන්සේකා-       

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය.

“මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා. මම දැක්කා ඊයේ ටිවී එකේ රාජපක්ෂලාගේ හෙන්චයියෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරෙනුයි, අරලියගහ මන්දිරෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ මේවා ඒ අය ඇවිත් අරගෙන යන්න ඕනේලු එතකොට ඉතුරුවෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. තමුන්නාන්සේලා හිතනවද ඒ ගෙදරට හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලිවලින්. මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්… මම පළවෙනියෙන්ම මහින්ද රාජපක්ෂ දාන්නේ අරලියගහ මන්දිරයේ තියෙන අර වටිනා දේපොළ මේකට ඉස්සුවාට. පැය 24න් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ කාලේ නාමල් රජපක්ෂට රණවිරුගාය. තාත්තා සරත් ෆොන්සේකා හිරේ දාපු එකත් වැරදීලු මාර කැක්කුමක් ඇවිල්ලා. මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවරවෙන්න අන්තිම කිලෝමීටර් 10 යන්න තියෙද්දි සටන් විරාමයක් දුන්නේ මොකටද කියලා මහින්ද රාජපක්ෂ විසින් ජාතියට විස්තර කරලා කියන්න ඕනේ. සටන්විරාමය දුන්නේ ප්‍රභාකරන් ඇතුළු නායකයින්ටික බේර ගන්න. 2005 ජනාධිපතිවරණට දිනන්න ඕන නිසා ත්‍රස්තවාදීන්ට ඩොලර් මිලියන දෙකක් දුන්නා නම් ඒ මිනිහා ජාති ද්‍රෝහියෙක් නෙමෙයිද? අපි ත්‍රස්තවාදී එක්ක සටන්  කරනවා මෙයා අවිආයුධ ගන්න සල්ලි දෙනවා. ලෝකයේ වෙන රටකනම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා.”      

Hot this week

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

Topics

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron