Wednesday, December 31, 2025
25.4 C
Sri Lanka

වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ වැටුප් ගැන තීරණයක්

වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇති බව වාර්තා  වේ.

විවිධ චෝදනාවලට ලක්වූ විනිසුරුවරුන්ගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමක් සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

එම අඩ වැටුප් සමග ඔවුන්ට ගෙවිය යුතු දීමනා සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතිකා ඒකාබද්ධතා අමාත්‍යංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වී තිබේ.

එහිදී එම කමිටුව විසින් තීරණය කර ඇත්තේ වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමේ දී වෘත්තීය දීමනා, පුද්ගලික දීමනා, ජීවන වියදම් දීමනා සහ භාෂා දීමනා පමණක් අදාළ කරගත යුතු බවය.

දුරකථන දීමනා, වාහන දීමනා, රියදුරු දීමනා, පොත් දීමනා, ගෙවල් කුලී දීමනා, අභියාචනා දීමනාව සහ ඉන්ධන දීමනාව අදාළ විනිසුරුවරුන්ට නොගෙවිය යුතු බවට විගණන හා කළමනාකරණ කමිටුව විසින් තීරණය කර තිබේ.

එම තීරණයට අනුව වැඩතහනම් කළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් අඩ වැටුප් ගෙවීම සමග ගෙවිය යුතු දීමනා පිළිබඳව වන චක්‍රලේඛය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron