යුනිකෝන් ඇතා ඝාතන සිද්ධියට අධිකරණයෙන් තීන්දුවක්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතාට සැලසුම් සහගතව ‍චේතනාන්විතව වෙඩිතබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හිඟුක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මෙම නියෝගය හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් එන් ඩී කරුණාරත්න මහත්මිය විසින් මින්නේරිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර ඒ බී සී කුලරත්න මහතාට සිදුකළ තිබේ.

යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය  සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණය මගින් පොළොන්නරුව දියබෙදුම ඉහනලුවැව පදිංචිකරුවන් තිදෙනෙකු සහ මාතලේ යටිවිමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඇප මත මුදාහැර ඇති බව සඳහන්ය.

යුනිකෝන් ඇතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට කියා සිටියේ මින්නේරිය ජාතික වන උයනේ සැරිසරමින් සිටි යුනිකෝන්  දළ ඇතා ඩොලර් මැෂිම නමින් හැදින්වීමට ප්‍රධාන හේතුව යුනිකෝන් දළ ඇතා දැක බලා ගැනීමට විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මින්නේරිය ජාතික වන උයනට පැමිණීම හේතුවෙන් බවය.

වෙඩිතබා මරා දැමුනු මෙම යුනිකෝන් ඇතාගේ වයස අවුරුදු 40ක් වන අතර උස අඩි 10 යි අගල් 6 ක් බව සඳහන්ය. 

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron