වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපිය ගැන දැන් කියන කතාව

තමාට ආරක්ෂාව සලසන ලෙස වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 6 වනදා ලිපියක් යොමුකර තිබූ බව පොලිස් මූලස්ථානය පවසනවා.

එම ලිපියට අදාළව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 12 වනදා යොමුකර තිබූ බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිපිය, මාතර – හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර පසුව මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හා මිදිගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අනතුරුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව සොයාබලා ලසන්ත වික්‍රමසේකරට ආරක්ෂිතව සිටින ලෙස දැනුම් දුන් බවයි.

මේ අතර වැලිගම සභාපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙමින් පවතින බව ද පොලිසිය පවසනවා.

පොලීසිය පැවසුවේ, වෙඩික්කරු බොහෝදුරට ආරක්ෂක අංශයකින් පලාගිය පුද්ගලයෙක් බවට සැකකරන බවයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර මහතාව පසුගිය බදාදා ප්‍රාදේශීය සභාව තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබුවා.

මේ වන විට සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර තිබෙනවා.

මේ අතර ඝාතනයට අදාළ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකයි.

පොලිස් කණ්ඩායම් 4ක් ඒ අනුව යොදවා ඇති අතර ඉන් දෙකක් ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron