Sunday, March 1, 2026
26.1 C
Sri Lanka

උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන තිබේ.

පොලිස් මූලස්ථානයේ වගකිව යුතු ඉහළ තනතුරක් හොබවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මාරු කර යවමින්  විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යට ලබාදීම හා පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබාදී ඇති බවට වූ අනාවරණයක් මත පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු බවට පවසන පුද්ගලයෙකු සමඟින් පොලිස්පතිවරයා සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කරන හඬපටයක් ද පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ද පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් හා අදාළ හඬපටයේ දුරකථන සංවාදය සිදුකළ බව කියන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුගෙන්ද  ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron