Wednesday, December 31, 2025
21.2 C
Sri Lanka

5කට දිවි අහිමි කළ දැදුරු ඔයේ ඛේදවාචකය ගැන දිවි බේරාගත් දරුවෙකු කියන සංවේදී කතාව

හලාවත ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී මිය ගියේය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පුද්ගලයින් පිරිසක් අතරින් 10 දෙනෙකු ඊයේ (05)පස්වරුවේ දැදුරු ඔයේ පාලම යට දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදි පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12,16,19 සහ 27 යන වයස්වල පසුවූ මාකොළ හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

අදාළ පුද්ගලයින් සමග දියනාමින් සිට දිවි බේරාගත් දරුවෙකු සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.

"මුලින්ම මාරවිල පල්ලියට යන්න ආවේ. ඊට පස්සේ මුන්නේෂ්වරන් ගිහින් කාලා නාන්න තමා මෙහෙට ආවේ. අපි අර හරියේ නනා හිටියේ. ඊට පස්සේ මෙතෙන වතුර හොඳයි කියලා මෙතෙනට ආවා. වතුර වැඩිය තිබුණේ නෑ. එක අඩියක් පස්සට තිබ්බ ගමන් ඇදගෙන වැටුණා. මමත් ගියා. අයියා කෙනෙක් මාව ඇදලා ගත්තා. අපේ නැන්දයි පුතාලා දෙන්නම නෑ. එහා ගෙදර නැන්දාගේ ළමයි දෙන්නා නෑ."

මේ අතර ගංගා, වැව් සහ ජලාශවල දියනෑමේදී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් මියයාම පසුගිය කාලය තුළ වැඩි වශයෙන් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අනතුරුදායක ස්ථානවල දියනෑම මෙම තත්ත්වයට හේතුව බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron