දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ ශාක හිඟයක්

දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ ශාක වර්ග නොමැතිකමින් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ආයුර්වේද ඖෂධ සංස්ථාව පවසයි.

එහි සභාපති ගීතාමනී කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ටද ඇනවුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවය.

ඒ සම්බන්ධ වැඩිදුර අදහස් දැක්වූ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ගීතාමනී කරුණාරත්න මහත්මිය,

"ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙන සියලුම ආයුර්වේද රෝහල්, ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා, නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා සඳහා ආර්යුවේද ඖෂධ නිෂ්පාදනය කරන්නේ අප ආයතනයෙන්. අපි වාර්ෂික ඖෂධ නිෂ්පාදනය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කරනවා ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කරමින්. ඒ අනුව, අපිට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ඖෂධ, අමු ඖෂධ හෝ වියළි ඖෂධ ලබාදෙන්නේ, මේ අපි ලියාපදිංචි කරන සැපයුම්කරුවන්ට. නමුත් මේ වනවිට එම ලියාපදිංචි කරන ලද සැපයුම්කරුවන්ට සැපයිය නොහැකි ඖෂධ ප්‍රමාණයක් තියෙනව‍ා. මේ ඖෂධ අපේ ඖෂධ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ. මේ ඖෂධ වර්ග තමයි කෝමාරිකා, කිරාත, රණවරා පොතු, මාර පොතු, අමු හාතවාරිය අල, වියළි දැත්ත අල, අමු වේලා කොළ, වේලා ශාකයෙන් ගන්නෙ. අමු වේලා ශාකය තමයි අපිට ඕනි. දැන් අපේ සැපයුම්කරුවන්ට ලබා දීමට නොහැකි මෙම ඖෂධ සැපයීමට ඔබට යම් කිසි හැකියාවක් තියෙනවානම් ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාව සම්බන්ධීකරණය කරන්න. අපි එම ඖෂධවල ප්‍රමිතිය හා ගුණාත්මක තත්ත්වය පරික්ෂා කරලා මිලදී ගැනීමේ කටයුතු කරන්න පුළුවන්"

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron