Wednesday, December 31, 2025
25.4 C
Sri Lanka

අද නුගේගොඩ රැළිය සංවිධානය කරන්නෙ ටිරාන්

නුගේගොඩදී අද (21) පැවැත්වෙන විපක්ෂයේ මහජන රැළිය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නොව ‘මහජන හඩ’ නම් සංවිධානයක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අන්තර්ජාල වැඩසටහනක් සමග එක්වෙමින් ඔහු පවසන්නේ ‘මහජන හඩ’ නම් සංවිධානයේ සමකැඳවුම්කරුවන් දෙදෙනා වන්නේ තමන් හා හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා බවයි.

ටිරාන් අලස් මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව මැලිකමක් දැක්වීම පිළිබදව අවස්ථා රැසකදී විපක්ෂය චෝදනා කර සිටියේ ය.

විපක්ෂයේ පාර්ශවයන් චෝදනා කර සිටියේ E Visa ගණුදෙනුවේදී පවා ටිරාන් අලස් මහතාගෙන් ප්‍රකාශයක් පවා ලබාගැනීමට කටයුතු නොකිරීමෙන් ආණ්ඩුව ඔහුට හිතවත්කමක් පෙන්වන බවය.

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින අවදියේදී ටිරාන් අලස් සමඟ සමීපව කටයුතු කර තිබූ අතර ඔහුට අයත් මව්බිම හා Ceylon Today යන පුවත්පත් ජනතා විමුක්ති පෙරමුණට වැඩි ඉඩක් ලබා දී තිබේ.

මේ අතර මෙම සාකච්ඡාවේදී උදය ගම්මන්පිල මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන යන අය මෙන්ම සර්වජන බලය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සුමන්තිරන්, දිගම්බරන්, මනෝ ගනේෂන්, සජිත් ප්‍රේමදාස යන කිසිවෙක් මෙම රැළියට සහභාගී නොවන බවයි.

කෙසේවෙතත් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මීට සහභාගී වන බවත් ඔවුන් වේදිකාවට නොපැමිණ ජනතාව අතර සිට තමන්ට ආශිර්වාද කරන බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron