Friday, April 24, 2026
26 C
Sri Lanka

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පුද්ගලයින් 31 දෙනෙකුට දිවි අහිමි වෙයි.

අතුරුදන් වූ සංඛ්‍යාව 14 ක් වේ.

වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් බදුල්ලෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19කි.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය 17 වැනිදා සිට අද දක්වා එම මරණ වාර්තා වන බවය.

පස් කඳු කඩා වැටීම් ඇතුළු ආපදා වලින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අධික වැසි සහිත කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 17 ක්.

පවුල් 1158ක පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 4008ක්.

නිවාස 3ක් සම්පුර්ණයෙන්ම විනාශවී ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස ගණන 381ක්.

සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක පුද්ගලයින් 131 කු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ යම් ආපදා තත්ත්වයක් පිළිබද තොරතුරු 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.

මේ , ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ

වොයිස්කට්

අද පෙරවරු 8.30න් අවසන්වු පැය 24තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මඩකලපුව රූගම් ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එම අගය මිලිමීටර් 300.1 ක්.

හෙට්ටිපොල , මහදෝව , කන්දකැටිය , හබරණ ප්‍රදේශ වලට ගතවු පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවු තද වැසි ඇඳ හැලී තිබේ.

අධික වැසි සහිත කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයටය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 5ක් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළා ය.

අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 482ක පුද්ගලයින් 1550ක් පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවර්ධන සඳහන් කරන ලදි.

මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 61ක පුද්ගලයින් 229 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද අමරවීර ප්‍රකාශ කළේ ය.

පවතින තත්ත්වය හමුවේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද , හෙට සහ අනිද්දා නොපවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.

මහවැලි , කළු , ගිං , නිල්වලා ඇතුළු ගංගා රැසකට මේ වන විට ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ  එල් එස් සූරියබණ්ඩාර ජනතාවට දැනුම් දෙන්නේ පහත්බිම්වල ජනතාව ඒ  පිළිබඳ දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවය.

පස් කදු සහ ගස් කඩා වැටීමෙන්, දුම්රිය ධාවනයට ද බාධා මතුව තිබේ.

පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

බදුල්ල , මහනුවර ,  කෑගල්ල , කුරුණෑගල , මාතලේ , මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.


උතුරුමැද සහ වයඹ පළාත් වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අද මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු , මධ්‍යම , සබරගමුව , ඌව සහ බස්නාහිර පළාත් වලට මෙන්ම ගාල්ල , මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලට මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලට අද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිවයිනට ගිණිකොන දෙසින් පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම මෙම තත්වයට හේතුවයි.

එය ඉදිරි පැය 12 තුළ එය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පැයට කිලෝමීටර් 60 -70 පමණ ඉතා තද සුළං ද ඇති විය හැකියි. 

Hot this week

ජනාධිපති මාධ්‍ය උපදේශක මාධ්‍යවේදියෙකුට පහරදීලා

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා ලේක්හවුස් සමාගමට අයත්...

හැකර්වරුන් අතට පත්වු ඩොලර් මිලියන දෙකකට අධික මුදල ගැන ජාත්‍යන්තර සහායෙන් විමර්ශන

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය...

”හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා..” – මුදල් අමාත්‍යාංශ ලේකම් –

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

Topics

ජනාධිපති මාධ්‍ය උපදේශක මාධ්‍යවේදියෙකුට පහරදීලා

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා ලේක්හවුස් සමාගමට අයත්...

හැකර්වරුන් අතට පත්වු ඩොලර් මිලියන දෙකකට අධික මුදල ගැන ජාත්‍යන්තර සහායෙන් විමර්ශන

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය...

”හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා..” – මුදල් අමාත්‍යාංශ ලේකම් –

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

ජේ.වී.පී එක යහපාලනේ එක්කඑකතුවෙලා මහබැංකුව මංකොල්ල කෑවා. -නාමල් රාජපක්ෂ-

අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම ගල් අඟුරු වංචාව...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron