Wednesday, April 22, 2026
22.8 C
Sri Lanka

කටුනායකට ආ ගුවන් යානා 06ක් හරවා යැවේ – ශ්‍රීලන්කන් වෙතින් මගීන්ට විශේෂ දැනුම්දීමක්

දිවයිනට බලපාන ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ගුවන් තොටුපළට යාමට පෙර www.srilankan.com වෙබ් අඩවියෙන් නවතම ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කර ගන්නා ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය මගීන්ට උපදෙස් ලබා දී තිබේ.

එසේ නොමැති නම් 1979 ක්ෂණික දුරකථන අංකයට හෝ  +94 117 77 1979 අංකය අමතා තොරතුරු ලබාගන්නා ලෙසත් ශ්‍රීලන්කන් ගුවන් සේවය දැනුම් දෙයි.

මේ අතර, කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇත. 

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් මත්තල, ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට පියවර ගත් බව ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.

ඒ අනුව ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ සලාම් ගුවන් සේවයේ ඕ.වී- 437 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ.

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226, ඕමානයේ මස්කට් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 සහ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණෙමින් තිබූ එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ- 047යන ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ.

ඊට අමතරව කටුනායක ගුවන්තොටුපොළ වෙත දමාම් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 254 දරන ගුවන් යානය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණෙමින් තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 277 දරන ගුවන් යානය ද ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇත.

ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 ගුවන් යානය කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වීම නිසා යළිත් ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට මෙලෙස පියවර ගත් බව වැඩිදුරටත් සඳහන් වෙයි.

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ ගුවන් ගමන් බාධාවකින් තොරව පවත්වා ගැනීමේ පරිසරයක් පැවතියද , එයින් පිටත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය මෙම ගුවන්යානාවලට බාධාවක් වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

එහෙත් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ ඉන් පිටත්වන ගුවන් යානා රාශියක් සිය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකර ගෙන යමින් සිටින බවද සඳහන්ය.

එසේම මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ සලාම් එයාර් ගුවන් යානය ද මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබෙන බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Hot this week

ලොකු පැටීගේ නඩුවක කරුණු වාර්තා කරයි

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු...

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක තැනක් බවට පාසල පත් කිරීම අරමුණයි – අගමැති හරිනි අමරසූරිය-

දරුවෙකුට ආදරය හා රැකවරණය ලබා දෙන විශ්වාසදායක ස්ථානයක් බවට...

”පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා” -නාමල් රාජපක්ෂ-

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ...

Topics

ලොකු පැටීගේ නඩුවක කරුණු වාර්තා කරයි

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු...

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...

”පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා” -නාමල් රාජපක්ෂ-

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ...

සාමයේ පා ගමන ගැන ජනපතිගේ සටහන

අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ...

මැයි දිනයට අපි සිල් ගන්නවා -මහින්ද රාජපක්ෂ-

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව...

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron