විපතට පත් ජනතාවට සහන සැලසීමට යුද හමුදාව සීරුවෙන්

මේ වන විටදී දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සඳහා යුද හමුදා භටපිරිස් යොදවන ලෙසට ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කර ඇත්තේ, මේ වන විටත් 20,500ක පමණ වු යුද හමුදා භටපිරිසක් විපතට පත්වූ ජනතාව බේරාගැනීමට දිවයින පුරා යොදවා ඇති බවය.

ඊයේ (27) දිනයේ දී පමණක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් 3,790ක් පමණ වු ජනතාවක් මුදවාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කර ඇත.

විශේෂයෙන් අයහපත් කාලගුණ තත්වයෙන් දැඩි බලපැමකට ලක්ව ඇති දිවයිනේ මධ්‍යම ප්‍රදේශයේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රිකයන් හි පවතින අධික ජලගැලිම් හා නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති නිසා මෙම මුදවාගැනීම් කටයුතුවලට බාධා ඇති වී ඇති නමුදු එම බාධාවන් මධ්‍යයේ වුවද මුදවා ගැනීම් කටයුතු අඛණ්ඩව සිදුකිරිමට යුද හමුදාව කටයුතු කරනු ලබයි. 

යුද හමුදාවට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාවද මුදවා ගැනීමේ කටයුතු සඳහා සක්‍රීය මැදිහත්ව සිටී.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron