Tuesday, April 21, 2026
22.5 C
Sri Lanka

පොදු මගී ප්‍රවාහන සේවකයින්ට විශේෂ දැනුවත් කිරීමක්

ජාතික ගමනාගමන හිමිකරුවන් හා කොමිෂන් සභාව විසින් පොදු මගී ප්‍රවාහන සේවා සපයන බස් රථ සේවකයින් සඳහා විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවා සපයන බස් රථ සේවකයින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස නිවේදනයේ සඳහන් ය.

* අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මර්ග අවහිරතා පවතින අවස්ථාවලදී බස් රථ ධාවනය කරන විට පොලිස් මාර්ග බාධක යොදා ඇත්නම් එම ස්ථානයේ රාජකාරීයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ උපදෙස් තරයේ පිළිපදින ලෙස දන්වා තිබේ.

* ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මාර්ගය අපැහැදිලි ස්ථානවලට බස් රථය ඇතුළු කිරීම කිසිදු හේතුවක් මත සිදු නොකරන ලෙස තරයේ දන්වා සිටී.

* අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කිරීමේදී බස් රථයේ ගමන් කරන මගීන් ඒ පිළිබඳව දැනුවත් කළ යුතු අතර, විකල්ප මාර්ග භාවිත කිරීමේදී මගීන්ව ඔවුන්ගේ ගමනාන්තය කරා ගෙනයාමට නොහැකි අවස්ථාවක් ඇති වුවහොත්, ඒ පිළිබඳ දැනුවත් කර ඔවුන්ව ආසන්නතම ප්‍රධාන බස් නැවතුම්පොළට යොමු කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවකම මගීන් නියමිත ගමනාන්තයට රැගෙන යාමට කටයුතු කරන ලෙසත් දන්වයි.

* වර්ෂා තත්ත්වය මත රිය ධාවනය කරන රියදුරන් බස් රථයේ වේගය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර කිසිදු ලෙසකින් අධික වේගයෙන් බස් රථය ධාවනය නොකරන ලෙසත්, අධිවේගී මාර්ගවල බස් රථ ධාවනය කිරීමේදී ලබාදී ඇති නියමිත වේගසීමාවන්වලට යටත්ව බස් රථය ධාවනය කරවීමට වගබලාගත යුතු බවද දන්වා තිබේ.

* තවද විකල්ප මාර්ග භාවිත කිරීමේදී අධික වංගු සහිත මාර්ග, බෑවුම් සහිත මාර්ග සහ පටු මාර්ගවල ධාවනය කිරීමට සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ පරීක්ෂාකාරී වන ලෙස රියදුරු මහතුන්ට හා කොන්දොස්තර මහතුන්ට විශේෂයෙන් දන්වා සිටී.

* මෙම අයහපත් කාලගුණ තත්ත්වය යටතේ වුවද මගීන්ට ආරක්ෂාකාරී හා ගුණාත්මක පොදු මගී ප්‍රවාහන සේවාවවක් ලබා ගැනීම සම්බන්ධයෙන් අගය කීරීමක් සිදු කර ඇති අතර අවශ්‍ය සෑම අවස්ථාවකදීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව සම්බන්ධ කර ගැනීමට ක්ෂණික ඇමතුම් අංකය වන 1955 හා සම්බන්ධ වන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Hot this week

ලොකු පැටීගේ නඩුවක කරුණු වාර්තා කරයි

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු...

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක තැනක් බවට පාසල පත් කිරීම අරමුණයි – අගමැති හරිනි අමරසූරිය-

දරුවෙකුට ආදරය හා රැකවරණය ලබා දෙන විශ්වාසදායක ස්ථානයක් බවට...

”පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා” -නාමල් රාජපක්ෂ-

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ...

Topics

ලොකු පැටීගේ නඩුවක කරුණු වාර්තා කරයි

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු...

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...

”පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා” -නාමල් රාජපක්ෂ-

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ...

සාමයේ පා ගමන ගැන ජනපතිගේ සටහන

අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ...

මැයි දිනයට අපි සිල් ගන්නවා -මහින්ද රාජපක්ෂ-

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව...

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron