අවුරුදු 13න් පහළ ලෝක චෙස් ක්‍රීඩිකාවන් අතර අංක 01 ලංකාවේ ඔෂිනි

ලෝකයේ අවුරුදු 13න් පහළ වයස කාණ්ඩයට අයත් චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයට පත්ව ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දීමට වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන සමත් වී තිබෙනවා.

ලෝක චෙස් සම්මේලනය විසින් ලෝකයේ අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයට අයත් චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවට අනුව පළමු ස්ථානයට (2272) පත්ව සිටින දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන මීට අමතරව තමන්ට වඩා වයස්ගත ක්‍රීඩිකාවන් ද අයත්වන ලොව අවුරුදු 20න් පහළ චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව 42වැනි ස්ථානය හිමිකර ගැනීමද විශේෂත්වයක්.

චෙස් ක්‍රීඩාවෙන් මෙවැනි දක්ෂතාවයක් ප්‍රකට කළ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම චෙස් ක්‍රීඩිකාව ඇයයි.

රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයෙන් චෙස් ක්‍රීඩාවට එක්වූ දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන 2021 වසරේ සිට අඛණ්ඩව දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රාශියක් හිමිකර ගනිමින් මෙම දක්ෂතාව පෑමට සමත්වූවා.

2024 වර්ෂයේදී පැවැති ලෝක යොවුන් චෙස් තරගාවලියේදී අවුරුදු 12න් පහළ ඉසව්වේදී රන් පදක්කම දිනාගත් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන ආසියානු මට්ටමේ විවිධ තරගාවලීන්හිදී රන් සහ රිදී පදක්කම් රැසක් දිනාගනිමින් මව්බිමට කීර්තියක් අත්කරදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ලාබාලතම වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් ක්‍රීඩිකාව සහ ලාබාලතම ජාතික චෙස් ශූරිය ලෙසින් මෙරට චෙස් ක්‍රීඩාවේ වාර්තා රැසකට හිමිකම් කියන දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන වර්තමානයේදී කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබමින් සිටිනවා.

දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන මෙරට ප්‍රවීණ චෙස් පුහුණුකරුවකු වන අකිල කාවින්ද යටතේ පුහුණුව ලබනවා.

Hot this week

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

Topics

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron