මාස තුනක් ඇතුලත කෝටි 184ක් මහබැංකුවට ගෙවන්න. කබ්රාල්ට දැඩි කොන්දේසි.

2011 වසරේ ග්‍රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළ බවට පළ වන මාධ්‍ය වාර්තා නිරවද්‍ය නොවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මෙය කොන්දේසි සහිතව නඩුව ඉල්ලා අස්කර ගැනීමක් බවත්, අදාළ වන්දි මුදල ගෙවීම අනිවාර්ය බවත් කොමිසම අවධාරණය කර සිටි.

මෙම නඩුවට, අදාළ පාඩුව පියවීම සඳහා රුපියල් කෝටි 184 කට අධික මුදලක් වන්දියක් ලෙස ගෙවීමට කබ්රාල් මහතා එකඟ වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කරයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල නිවේදනයට අනුව, මෙම නඩුව ඉල්ලා අස්කරගෙන ඇත්තේ චූදිතයා නිදොස් කොට නිදහස් කිරීමක් ලෙස නොව, දැඩි කොන්දේසියක් මත බව තව දුරටත් සදාහන් වේ.

දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම එකඟතාවයට පැමිණ ඇත.

මෙම නඩුවේ පළමු චූදිතයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්තිය යටතේ නඩුව ඉල්ලා අස්කර ගැනීම සලකා බලා ඇත.

ඒ අනුව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත නඩුව ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 03 ක් ඇතුළත, රජයට සිදුවූ අලාභය ලෙස ගණනය කර ඇති රු. 1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ගිණුමට බැර කළ යුතු බවට කොන්දේසි පනවා තිබේ.

මෙම මුදල නියමිත කාල සීමාව තුළ ගෙවීමට අපොහොසත් වුවහොත්, දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේ නැවත ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අවධාරණය කරයි.

මෙම ආන්දෝලනාත්මක සිදුවීම ආරම්භ වන්නේ 2011 වසරේදීයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිව සිටි එම සමයේදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීසියේ රජයේ බැඳුම්කරවල යුරෝ මිලියන ගණනක ආයෝජනයක් සිදු කරන ලදී. එම අවස්ථාව වන විටත් ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි අතර, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ග්‍රීක බැඳුම්කර ඉතා අවදානම් සහගත මට්ටමේ පවතින බවට අනතුරු අඟවා තිබුණි.

ආර්ථික විශේෂඥයින්ගේ සහ විපක්ෂයේ දැඩි විරෝධය මැද පවා සිදු කළ මෙම ආයෝජනය, 2012 වසරේ ග්‍රීක ආර්ථිකය කඩා වැටීමත් සමඟ අසාර්ථක විණි.

ග්‍රීසිය විසින් සිය ණය කපා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආයෝජනය කළ මුදලින් විශාල කොටසක් අහිමි වූ අතර, එමගින් රටට සිදුවූ පාඩුව රුපියල් බිලියන ගණනක් බව ගණන් බලා ඇත.

මෙම ගනුදෙනුව දූෂිත අරමුණින් සිදු වූවක් බවටත්, මහජන මුදල් අවභාවිතයක් බවටත් චෝදනා එල්ල විය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව ඔවුන්ට එරෙහි අධිචෝදනා ඉල්ලා අස්කර ගත් බවත්, ඒ අනුව මහාධිකරණය විසින් එම චූදිතයින් මුදා හැර ඇති බවත් අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ලදී.
කෙසේ වෙතත්, අල්ලස් කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මෙම නඩුවෙන් චූදිතයන් “නිදොස් කොට නිදහස් කර ඇති” බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron