Wednesday, December 31, 2025
26.1 C
Sri Lanka

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 37කට තවදුරටත් රතු නිවේදන

පැවැති අධික වර්ෂාපතනයෙන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ස්ථාන 494ක් මේ වනවිට පරීක්ෂාවට ලක්කර අවසන් කර ඇති බව එම සංවිධානය පවසයි.

තවත් ස්ථාන 2198ක් පරීක්ෂාවට ලක්කරන ලෙස ජනතාව ඉල්ලීම් කර ඇති බවද එම සංවිධානය පැවසීය.

මේ අතර අධික වැසි තත්ත්වය පහව ගියද දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 37කට තවදුරටත් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

පැවැති වර්ෂාපතනයත් සමග පස අධික ලෙස ජලයෙන් සන්තෘප්තවීමත් මේ වනවිට ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් හේතුවෙන් මෙලෙස නායයෑමේ රතු නිවේදන තවදුරටත් නිකුත් කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

ඊයේ උදෑසනද මීගහකිවුල ප්‍රදේශයේ නායයෑමක් සිදුවී තිබූ අතර නායයෑමේ ලක්ෂණ හඳුනා ගැනීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් රැසක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගත් බවත් එම සංවිධානය පැවසීය.

මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රැඳීසිටින ජනතාව තවදුරටත් එම ස්ථානවලම රැඳීසිටීම වඩාත් උචිත බව පැවසෙයි.

ඊට හේතුවී ඇත්තේ එළැඹෙන 19 වනදා දක්වා වර්ෂාපතනයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමය.

මේ අතර අදියර 2 යටතේ දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කට අවධානයෙන් සිටින ලෙස දන්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

තවද දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට ද අදියර 1ක යටතේ නායයෑම් නිවේදන නිකුත් කර ඇත.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron