Thursday, April 23, 2026
22.1 C
Sri Lanka

ඌවේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක් – උසස් පෙළ සිසුන්ටත් පණිවුඩයක්

ඌව පළාතේ පාසල් සියල්ල මේ මස 29 වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

අද දෙරණ BIG FOCUS සංවාදයට අද (16)  එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, ගංවතුරෙන් කුමන හෝ ආකාරයක බලපෑමට ලක්ව ඇති පාසල් විවෘත නොකිරීමට බලපාන ප්‍රධාන කරුණ වන්නේ ප්‍රවාහන අපහසුතා හෝ සහන කඳවුරු ක්‍රියාත්මක වීම බවය.

මෙහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසා සිටියේ කල්දැමූ උසස් පෙළ විභාගය තවත් දින 7ක් පුරා පැවැත්වීමට නියමිත බවය.

2026 ජනවාරි 12 වන දා සිට ජනවාරි 20 වන දින දක්වා එම විභාගයන් පැවැත්වෙන බවත් එහිදී ප්‍රශ්න පත්‍රයක දෙක කොටස පමණක් ඇති විෂයන් 5ක්, පළමු ප්‍රශ්න පත්‍රයට පමණක් පිළිතුරු ලියන්න ඉතිහාසය විෂය පමණක් ඇති බවත්, ප්‍රශ්න පත්‍ර එක හා දෙක කොටස දෙකම ඇති සම්පූර්ණ විෂයන් 10ක් එම කාලය තුළ පැවැත්වීමට නියමිත බවද විභාග කොමසාරිස්වරිය පැවසුවාය.

සිසුන් 202,627ක් ඉදිරි දින කිහිපය තුළ කුමන හෝ විෂයක් සඳහා පෙනී සිටීමට නියමිත බවද පැවසු විභාග කොමසාරිස්වරිය, පැවති ආපදා තත්ත්වය හමුවේ වෙනස් විභාග මධ්‍යස්ථානයක අවශ්‍යතාවයක් තිබේ නම් විදුහල්පතිවරයා හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බව ද සඳහන් කළාය.

මේ අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට ඍජුවම 1911 හෝ 0112 784 208, 0112 784 537 හෝ 0112 788 616 යන දුරකථන අංකයන්ට කතා කර විභාග දෙපාර්තමේන්තුව අමතා වෙනත් විභාග මධ්‍යස්ථානයක් ඉල්ලා ගැනීමට හැකියාව ඇති බවද විභාග කොමසාරිස්වරයා පැවසීය.

Hot this week

සලේ තවදුරත් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අධිකරණය නියෝග කරයි !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින යුද...

සුරේෂ් සලේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ...

බහාලුම් 323 ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව අදත් රැස්වෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය...

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් දැලේ

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ...

ජගත් මිහිතල දිනය අද !

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව...

Topics

ලොකු පැටීගේ නඩුවක කරුණු වාර්තා කරයි

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු...

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron